July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වෙනිසියුලාවේ මහා විනාසයක් | 188 ජීවිතක්ෂයට

1 min read

වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරයට බලපෑ ප්‍රබල භූමිකම්පන හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, තවත් පුද්ගලයින් 1,520 දෙනෙකු තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව එරට ජාතික සභාවේ සභාපති ජෝර්ජ් රොඩ්‍රිගස් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම පුද්ගලයින් 157 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර, සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කරන පුද්ගලයින් 200කට අධික පිරිසක් සොයා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන් වේ.

බදාදා රාත්‍රියේ සිදුවූ රික්ටර් මාපක 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පනවලින් පසු පසු කම්පන 138ක් වාර්තා වී තිබේ.

භූමිකම්පන හේතුවෙන් ගොඩනැගිලි 250ක් සහ වෙළඳ සංකීර්ණ 20ක් ඇතුළු යටිතල පහසුකම් ස්ථාන 346කට හානි සිදුව ඇති අතර, රෝහල් 8කටද බලපෑම් එල්ල වී ඇත.

හානි වූ නිවාස සහ රෝහල් නැවත ගොඩනැගීම ඇතුළු හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක විශේෂ අරමුදලක් පිහිටුවීමට වෙනිසියුලා රජය තීරණය කර තිබේ.

භූමිකම්පනවලින් පසු වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

ජනප්‍රිය පුවත්  ඉරානයෙන් බහරේනය, කුවෙට් හා UAEටත් ප්‍රහාර

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x