November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට

1 min read

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ කෝප්‍රල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05) පෙරවරු 9.05ට සහ 9.15ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු වන චන්න ජයනාත් අල්විස් වීරක්කොඩි සහ මාතර සුරාබදු ස්ථානයේ සේවය කරන සුරාබදු කෝප්‍රල්වරයෙකු වන පොල්ගම්පලගේ සම්පත් රණසිංහ යන අයයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කළුතර සුරාබදු අධිකාරීවරයා සහ අළුත්ගම සුරාබදු අධිකාරී (නිෂ්පාදනාගාර) වැඩබලන නිලධාරියා ලෙස සේවය කළ කාලසීමාවේදී තම අධීක්ෂණය යටතේ පැවති නීත්‍යනුකූල බලපත්‍රලාභී සමාගමක ගිණුම්වලින් නිකුත් කළ මුදල් චෙක්පත් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම අදාළ සමාගමේ ස්කාගාරයේ සේවය කළ සුරාබදු නිලධාරියෙකු ලෙස තම නිල බලයෙන් ලබා ගැනීමට බලයක් නොමැති එම චෙක්පත් අල්ලස් ලෙස භාරගැනීම සම්බන්ධයෙන් සුරාබදු කෝප්‍රල්වරයාටද චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

ජනප්‍රිය පුවත්  වැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම ඉල්ලන්නේ ඇයි… මල්වතු නාහිමි මාපිය සංවිධානයෙන් අසයි….!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x