June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වට්ටක්කා අනාථයි!

1 min read

මාතලේ සහ සිවලාකුලම, ගලෙන්බිඳුණුවැව යනාදී ප්‍රදේශවල යල කන්නයේ වට්ටක්කා වගා කළ ගොවි පවුල් දස දහසකට වැඩි ප්‍රමාණයක් තම වට්ටක්කා අස්වනු විකුණාගත නොහැකිව දැඩි අසරණ තත්වයකට අද වැටී සිටිතැයි වාර්තා වේ.

යල කන්නයේ අක්කර 13,000 පමණ වගා කර ඇති රාජ සුබායි සහ ලීලා යන වට්ටක්කා වර්ගවල කිලෝවක තොග මිල රුපියල් 15.00 සිට 30.00 දක්වා පහළ ගොස් තිබේ. වට්ටක්කා කිලෝවක නිෂ්පාදන වියදම අවම වශයෙන් රුපියල් 60.00, 70.00ක් වන බව ගොවීහු පවසති. නෙලාගත් අස්වනු තම නිවෙස්වල ගොඩගසා ගෙන සිටීමට ගොවියන්ට සිදුව ඇති අතර දිනපතා වට්ටක්කා කිලෝ 200ත් 300ත් අතර ප්‍රමාණයක් නරක් වී ඉවත් කිරීමට ද සිදුව තිබේ. ගොවීහු වට්ටක්කා වගාව සඳහා ගනු ලැබූ ණය සහ කණකර ආභරණ උගස්කර ගත් මුදල් සහ පොලී ණය ගෙවා ගැනීමට නොහැකිව දැඩි ලෙස අසරණ තත්වයට පත්ව සිටිති.

විජය කුමාරපේලි Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x