June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුසියානු බොරතෙල් මිල ඉහළ යාමෙන් ඉන්දීයාව අර්බුදයක

1 min read

හෝ මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට අවහිර සිදුවීමත් සමග ලෝක බොරතෙල් සැපයුම් මාර්ග අවහිරව ඇත. එම හේතුවෙන් රුසියානු බොර තෙල් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇතිබව වාර්තා වේ.

ඒ අනුව රිසියානු සැපයුම්කරුවන් විසින් ඉන්දිය වරායන් වෙත සැපයෙන රුසියාවේ නිෂ්පාදිත යුරල්’ (Urals) බොරතෙල් මිල, ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර බ්‍රෙන්ට් (Brent) දර්ශකයේ මිල අභිබවා ගොස් ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

පසුගිය සතියේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ඉන්ධන ප්‍රවාහන කටයුතු අඩාල වීම හේතුවෙන් ජාත්‍යන්තර බ්‍රෙන්ට් තෙල් මිල 25% කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව මේ වන විට බ්‍රෙන්මන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 89 ක් දක්වා දක්ව ඉහළ ගොස් ඇත. එහෙත් එම මිල ඉහළ යාම අභිබවා යමින් ඉන්දියවේ වරායන් වෙත සැපයෙන රුසියානු යුරල් බොරතෙල් මිල 50% කින් ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය නිසා ඉන්දියාවට ලඟදීම තෙල් මිල ඉහළ දැම්මට සිදුවනු ඇති බව එරට ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව රුසියානු තෙල් අපනයන කරුවන්ගේ ලාභය ඉහළ ගොස් නැත. ඊට හේතුව ප්‍රවාහන ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළ යාමය.

ජනප්‍රිය පුවත්  මෙරට සමස්ත තේ නිෂ්පාදනය පහළට

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x