June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජ්‍ය පොසොන් උත්සවය ගැන රජයෙන් තවමත් දැනුම්දීමක් නෑ – මිහිතලේ හිමි

1 min read

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මේවන තෙක් රජය පාර්ශ්වයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව මිහින්තලා රජමහ විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රජයෙන් සහාය නොදැක්වූව ද තමන්ට හැකි උපරිමයෙන් මිහිඳු පෙරහැර සහ පොසොන් උත්සවය කිසිදු අඩුවක් සිදුනොකර පැවැත්වීමට තමා කටයුතු කරන බවද ධම්මරතන හිමි වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“ජනාධිපති කාර්යාලයෙන්, බුද්ධශාසන අමාත්‍යාංශයෙන් හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කිසිදු නිලධාරියෙකු පැමිණියේ නෑ. ජනාධිපතිතුමා මේ පිළිබඳව දන්නවා දැයි මම දන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ දැනුවත් වීම පිණිස මම මෙලෙස කියනවා. ජනාධිපති කාර්යාලයෙන් හෝ වෙනත් කිසිදු ආයතනයකින් කිසිදු නිලධාරියෙකු පැමිණියේ නෑ. දිස්ත්‍රික් ලේකම්වරයා තමාට ඇති බලතන අනුව මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී දෙනවා, අද වනතුරුත් මට එවැනි කිසිදු දැනුම්දීමක් ලැබී නැත. කිසිවෙකු පැමිණ උත්සව සංවිධානයක් පිළිබඳව සාකච්ඡා කරලා නෑ.

ජනප්‍රිය පුවත්  රන් ඇපකර මත ලබාදෙන ණය සඳහාත් උපරිම ණය අනුපාතයක් !

ශ්‍රී ලංකාවේ පවත්වන ප්‍රධාන රාජ්‍ය උත්සව තියෙන්නේ 3යි. ඉන් එකක් නිදහස් උත්සවය, අනෙක් උත්සව දෙක වෙසක් සහ පොසොන් උත්සවය. ඉතිං අනෙක් උත්සව දෙක සංවිධානය කරන ආකාරය සහ මේ උත්සවය පවත්වන ආකාරය පිළිබඳව ජනතාව හොඳින් තේරුම් ගනී. අපට කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමට අවශ්‍යතාවක් නෑ. ඔවුන් මෙය කළත් නොකළත් අප මේ කටයුත්ත සිදුකරනවා. එබැවින් මෙවර පැවැත්වෙන රාජ්‍ය උත්සවයක් පිළිබඳව මම කිසිවක් දන්නේ නෑ.

රජයෙන් රුපියල් ලක්ෂ 50ක් ලබා දෙන බව කියයි. නමුත් මෙය අනාදිමත් කාලයක සිට ඕනෑම රජයකින් සිදුකරන සාමාන්‍ය ක්‍රියාවලියක්. එම මුදල ස්වයංක්‍රීයවම (Automatically) ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලැබෙනවා. ඒ ලක්ෂ 50න් විතරක් මිහිඳු පෙරහැර කරන්න බෑ. එබැවින් කුමන හෝ ක්‍රමයකින් මුදල් සොයාගෙන මම මිහිඳු පෙරහැර කරනවා. මෙම පූජෝත්සවය කිසිදු අඩුවක් නොමැතිව ඉටු කිරීමට මම පියවර ගන්නවා, ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස මම රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x