September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“රටේ කවුරුහරි දිවි අහිමි කරගත්තත් ඒක රාජපක්ෂලාගේ පිටින් යවන්නයි ආණ්ඩුව බලන්නේ”.. – නාමල්

1 min read

රටේ සිදුවන සෑම අහිතකර සිදුවීමකටම රාජපක්ෂවරුන් වගකිව යුතු බව පවසන වත්මන් රජය, රාජපක්ෂ පාලන සමයේ ඉටුකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල ගෞරවය පමණක් උදුරා ගැනීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, පසුගිය කාලසීමාව පුරාම බොරු සාක්ෂි නිර්මාණය කරමින් සහ විවිධ බලපෑම් එල්ල කරමින් රාජපක්ෂවරුන් දඩයම් කිරීමට උත්සාහ කළ බවයි.

“අද රටේ කවුරුහරි දිවි අහිමි කරගත්තත් ඒක රාජපක්ෂලාගේ පිටින් යවන්නයි ආණ්ඩුව බලන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහතා අවසන් කරපු යුද්ධය, එතුමා හදපු අධිවේගී මාර්ග, පෝර්ට් සිටිය වගේ දැවැන්ත ව්‍යාපෘති ගැන කතා කරද්දී මේ ආණ්ඩුව කියන්නේ ඒවට අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා කියලා. හොඳ දේවල්වලට අයිතිකාරයෝ ගොඩයි, හැබැයි හැම නරක දේකටම රාජපක්ෂලා වැරදියි,” යැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ගිණුම්වලට හැකර්වරුන් ඇතුළු වී මුදල් සොරකම් කිරීමේ සිද්ධීන් පවා තමන් සමඟ සම්බන්ධ කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවත්, එය හාස්‍යයට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනප්‍රිය පුවත්  නුවර නිලමෙත් දාන්න ආණ්ඩුව බරටම වැඩ!

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, ජනතාව මත දැඩි බදු බරක් පටවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි. “එක් පැත්තකින් පත්තරවල කියනවා ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ගැන 75%ක් සතුටුයි කියලා. හැබැයි ඒ පත්තරේම යට කෑල්ලේ තියෙනවා රටෙන් භාගයක් බඩගින්නේ කියලා. මේක කොහොමද ගැලපෙන්නේ?” යැයි ඔහු ප්‍රශ්න කළේය.

එමෙන්ම, යුද්ධය ජයග්‍රහණය කිරීමට කැපවූ රණවිරුවන් සහ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරමින් ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදුකරන බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ ලිපිගොනු සඟවාගෙන සිටින නිලධාරීන් අද ආණ්ඩුවේ ඉහළ තනතුරුවල වැජඹෙන බවත්, සැබෑ වගකිවයුත්තන් සොයනු වෙනුවට දේශපාලන නාට්‍ය රඟදක්වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x