යුද්ධයේ පාලනය ට්‍රම්ප්ගෙන් ගිලිහී ගොස් ඇති බව අමෙරිකානු සෙනෙට් සභිකයෙකු පවසයි!
1 min read
ඉරානයට එරෙහිව පවතින ‘යුද්ධයේ පාලනය’ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ‘ගිලිහී ගොස්” ඇති බවත් ඔහු මේ වන විට දැඩි කලබලකාරී සහ භීතියට (panic mode) පත්ව ඇති බවත් අමෙරිකානු ඩිමොක්‍රටික් පාක්ෂික සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි පවසා ඇතැයි අල්ජසීරා පුවත් සේවය අද (22) වාර්තා කර තිබෙනවා.
සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන මර්ෆි, ඉරානය තුළ ක්‍රියාත්මක වන අමෙරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා මෙහෙයුම් විවේචනය කරන ව්‍යවස්ථාදායකයින් අතර ප්‍රමුඛයෙක්.
මෙම ඒකාබද්ධ හමුදා මෙහෙයුම මේ වන විට සිව්වන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරාන රජය පියවර නොගතහොත් එරට විදුලි බලාගාර “මුළුමනින්ම විනාශ කරන” බවට ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර තිබුණා.
මෙම මිලිටරි මෙහෙයුම “ට්‍රම්ප්ගේ උමතු යුද්ධය” ලෙස මීට පෙර හඳුන්වා දුන් ක්‍රිස් මර්ෆි, ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය සමස්ත අමෙරිකානු ආර්ථිකයම පසුබෑමකට ලක් කිරීමට පටන් ගෙන ඇති බව ද වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
