April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යුද්ධයෙන් ඊශ්‍රායල ආර්ථිකයට දැඩි බලපෑම් – පාඩුව ඩොලර් බිලියන 2.9ක්

1 min read

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායල ආර්ථිකයට සිදුවන හානිය සතියකට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් දක්වා ඉහළ යා හැකි බව එරට මුදල් අමාත්‍යාංශය පවසයි.

ඊශ්‍රායල මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම දැවැන්ත මූල්‍ය අලාභය ගණනය කර ඇත්තේ යුද්ධය නිසා එරට නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම, ආරක්ෂක වියදම් ඉහළ යාම සහ ව්‍යාපාරික කටයුතුවලට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමිනි.

දීර්ඝකාලීනව මෙම ගැටුම පැවතුණහොත් ඊශ්‍රායලයේ දළ දේශීය නිෂ්පාදිතයට සහ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.

විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රය ද දැඩි පසුබෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x