“මේ අවස්ථාවේ සලේට නීති උපදෙස් ඕනෑ නෑ !” ශානි සලේගේ නෝනාට දන්වයි !
1 min read
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ බන්දුසේන මහත්මිය වෙත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශානි අබේසේකර විසින් යවා ඇති ලිපියක් මගින්, සුරේෂ් සලේගේ නීතිඥයා හට දිනකට වරක් ඔහු හමුවීම ප්‍රතික්ෂේප කර තිබේ.
එය ප්‍රතික්ෂේපකර ඇත්තේ “මේ වන විට විමර්ශන කටයුත්තකින් බැහැරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබගේ ස්වාමිපුරුෂයා රෝහල්ගතව සිටින බැවින් ඔහුට මෙම අවස්ථාවේ නීති උපදෙස් ලබා දීමේ අවශ්‍යතාවයක් පැන නොනගින අතර, එසේ නීතිඥවරයා හමුවීම තුළින් ඔහුට නිරන්තරයෙන් අවශ්‍යවන මානසික විවේකය නොලැබීමේ අවස්ථාවක් උද්ගතවිය හැක” යැයි සඳහන් කරමිණි.
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ දිනපතා එක් වරක් හමුවීමට, ඔහුගේ නීතිඥයා අවසර ඉල්ලා සිටියේ ද සුරේෂ් සලේ දැනට සිදු කරන මාරාන්තික උපවාසය නතර කිරීම සඳහා ඔහුව පොළඹවාගනු පිණිසය. එහෙත්, ශානි අබේසේකර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් යවා ඇති මෙම ලිපියෙන් පැහැදිලිවන්නේ, එවැනි උත්සාහයක් දැරීම අවශ්‍ය නොවන බවය. නැතහොත්, සුරේෂ් සලේ නියුතු මාරාන්තික උපවාසය නතර නොකළාට ප්‍රශ්නයක් නොමැති බවය.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සුරේෂ් සලේගේ නීතිඥයා දවසට වරක් ඔහු හමුවීමට ඉල්ලීම, “ඔබගේ ස්වාමිපුරුෂයා වූ සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් සුදුුසු ක්‍රියාවක් නොවන බැවින්” යනුවෙනි. අදාළ නීතිඥයා දිනකට වරක් සුරේෂ් සලේ හමුවීම ඔහුගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාවක් ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ වෛද්‍යවරු මිස, ශානි අබේසේකර නොවේ.
මෙම සාහසික සම්පූර්ණ ලිපිය පහත දැක්වේ. එමෙන්ම අදාළ ඉල්ලීම කරමින් සුරේෂ් සලේගේ බිරිඳ රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා වෙත යවනලද ලිපියද මෙහි ඵළ කර ඇත.
- දුලාර ගුණතිලක –




