June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මූසලයාගේ ශාපය.!

1 min read

උවිඳ කුරුකුලසූරිය ශූරීන්ට අනුව දැන් අසිරිමත් සිරි ලංකාව පාලනය කරන්නේ අනුරතුමා ය. අනුරතුමා දිනපු ගමන් කළේ මහ මැතිවරණය පැවැත්වීම ය. අනුරතුමා ඒ සමගම කළේ මහනුවර දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනයට තැබීම ය. අනුර තුමාගේ කක්කි සුදා කක්කි දාන්නට වැසිකිලි තැනීමේ ව්‍යාපෘතියක් හරහා පට්ට ගරානා පාරකට ලෑස්ති වුණේ ඒ අල්ලපනල්ලේ ය. කෙසේ වෙතත්, කිසිදු පිළිවෙලකින් තොරව, පට්ට අසංවිධානාත්මකව පැවති දළදා වහන්සේ ප්‍රදර්ශනය නිමා වූයේ උන්වහන්සේ වැද පුදා ගැනීමට පැමිණි බැතිමතුන් ජරාවාස තත්ත්වයට පත් කරමින්ය.


දළදා හාමුදුරුවෝ සමග සෙල්ලම් කිරීම භයානක ය. මේ බව හොඳටම වටහාගෙන සිටියේ උඩරට අල්ලා ගත් සුදු අධිරාජ්‍යවාදීන් ය. DIARY OF MR. JOHN DOYLY කෘතියේ සිංහල පරිවර්තනයේ දළදා වහන්සේ පිළිබඳව ඩොයිලි සඳහන් කරන්නේ මෙසේය.

‘‘පූජනීය දන්ත ධාතූන් වහන්සේ වැඩමවා ගෙන එනු පිණිස නායක ස්වාමීන් වහන්සේ උදෙන්ම හිඳගලට වැඩම කළේය. හරියටම නැකත් වේලාවට දළදා වහන්සේ වැඩම කරවීමට නොහැකි බව උන්වහන්සේ දන්වා එවා තිබිණි. ඒ නැකත හිරු උදාවෙන් හෝරා දහයකට පසු යෙදී තිබුණ ද හිරූ උදාවෙන් හෝරාවකට පසු හීල් මුළුතැන් බෑමත් හෝරා හතකට පසු මහ මුල් තැන් බෑමත් සිදුවන හෙයින් තමන්ගේ අභිප්‍රාය පෙරවරු දහයට දළදා වහන්සේ හිඳගලට ගෙන ඒමත් සවස් වරුවේ යෙදෙන සුභ නැකතක දී දළදා වහන්සේ මාලිගයට වැඩම කිරීමත්ය යනුවෙනි.

ඊළඟ දින මධ්‍යන්නය වෙන තෙක් රාත්‍රිය පුරා ද පෝය හේවිසි නාද විය යුතු වූයේය. ….
පස්වරුවේ මගුල් මඩුවේදී කපුවත්තේ දියවඩන නිලමේ පිළිගත්තෙමි. පූජනීය දළදා වහන්සේ කොත්මලේ පුහුල්පිටියේ සිට සිකුරාදා අටබාගේ වෙත ඊයේ හිඳගල වෙත ද වැඩමවා තිබුණි. ….. කෙසේ වෙතත් කිසිම සැකයකින් තොරව හෙට දළදා වහන්සේ මහනුවරට වැඩම කෙරෙනු ඇත. පසුගිය දින ගණනාව පුරා වීදි සෝදා පිරිසිදු කරමින් දළදා මාලිගයේ කුළුණු වටා රෙදි ඔතා සරසමින් එම පූජනීය හා උත්සව අවස්ථාව උදෙසා කටයුතු සූදානම් කෙරිණි.

කටු කැලේ මැලේ ජාතිකයන්ට මෙන්ම දැනට මහනුවර වෙසෙන මුහුදු බඩ පළාත්වල ජනයාට ද තමා තමන්ගේ නිවාස ඉදිරිපිට හා වීදි සෝදා පිරිසිදු කරන ලෙස දන්වමින් විධාන නිකුත් කෙරිණි.“

සුද්දා එදා කටයුතු කළේ දළදා හාමුදුරුවන්ගේ පූජනීයත්වය හා බලය හරිහැටි තේරුම් ගෙන බව ඩොයිලිගේ මේ දින සටහනින් පැහැදිලි වේ.

ජනප්‍රිය පුවත්  ''ලූස් මෝෂන්"

එහෙත් තඹුත්තේගම අපේ පන්තියේ එකා ඡන්දයට උත්පේරකයක් ලෙස දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනයට තැබීමය. ඒ සුද්දා විධියටවත් ඊට හිමි ගෞරවය ලැබෙන පරිදි නොවේ. වීදි සෝදා පිරිසිදු කරනු තබා සිදු වූයේ වීදි කුණුගොඩවල් වී තැන තැන මල පහ කරන ඉරණමකට බැතිමතුන් පත්වීමය. මූණක් කටක් පිරිසිදු කර ගැනීමටවත් නොහැකි වූ බැතිමතුන්ට දන්ත ධාතූන් වහන්සේ පෙන්වීමය. කොටින්ම කිවහොත් කිසිදු ගෞරවයක් භක්තියක් නොමැතිව ඊට අදාළ වත් පිළිවෙත් (වීදි පිරිසිදු කිරීම ආදී) කිසිවක් කෙරෙහි සැලකිල්ලක් නොදක්වා දළදා ප්‍රදර්ශනය ඡන්ද ගුණ්ඩුවක් ලෙස පැවැත්වීම ය.

චිරාත් කාලයක් තිස්සේ මෙරට බෞද්ධයෝ විශ්වාස කරනුයේ දන්ත ධාතුන් වහන්සේ මෙන්ම මෙරට ස්ථාපිත ථේරවාදී බුදු දහම ද දෙවියන් විසින් සුරකින බවය. කිසියම් රාජ්‍ය පාලකයෙකු එම කාර්යය නොසලකා හරින්නේනම් දේව ශාපය නිසැකවම හිමිවන බවය. එදා පටන් (දළදා ප්‍රදර්ශනය පැවති දිනයේ සිට) මේ දක්වා අප මේ අත්විඳින්නේ එම දේව ශාපය ද?

කන්ද උඩරටට ‘දිට්වා“ පැමිණියේ ය. මහා විපතකට ගොදුරු වූයේ මතක ඇති කාලයක නොවිදි අයුරින්ය. පුද්ගල ඝාතන ඉහළ ගියේය. හදිසි අනතුරු වැඩි වූයේය. ආණ්ඩුව ද කරන කරන වැඩේ අනාගත්තේ ය. දැන් ඇත්තේ මහා පෑවිල්ල ය. විදුලිය බිල ඉහළ යන අතරේ දැන් ඉන්නේ ගල් අඟුරු හොරකම නිසා විදුලිය කපා දැමීමට සැරසෙන මායිමේ ය. ජලය ද කපා දැමෙන බවට අනතුරු අඟවා අවසන්ය. ගෑස් සැපයුමද කොයිවෙලේ ඇන හිටිනු ඇද්දැයි කිසිවකුත් දන්නේ නැත. කොහේදෝ තිබෙන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමෙන් ලොව වැඩිම හානිකර බලපෑමට ගොදුරු වන දෙවැනි රට ලංකාව ය. එසේ කියන්නේ ජර්මානු පර්යේෂකයින් පිරිසක්ය.

ජනප්‍රිය පුවත්  රුපියල සහ ඉරණම

මොනවා වුනත් හඳුන්නෙත්ති හරිය.! මුල් බලය ගත් පසු කාපු පරිප්පු දෙස බැලුවාම, පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක් හැර වෙන්න තියෙන සන්තෑසි ඔක්කොම දැන් වෙලාය.! මේවා මෙහෙම වෙන්නේ නිකම්ම ද?

පාලකයා මූසලයකු වූ කල විඳවන්න වෙන්නේ රටටමය. ජනතාවටමය, මූසලයා පාලකයා වූ කල කන්න වෙන්නේ පරිප්පුමය. එවිට එන්නේ දේව කෝපය ය. අද රට මුහුණ දී සිටින්නේ දේව කෝපයකට මිස අන් කිසිවකට නොවේය. නොමැති නම්, මෙබඳු පෑවිල්ලක් ඇතිවන්නේ කෙසේද? එක පිට එක මෙබදු විපත් කැරකෙන්නේ නිකන් ද? 2000න් පසු ඉපදුනු එවුවන් මේවා පිළිගන්නේ නැතුවාය. පිළිගත්තත් නැතත් පරිප්පුව කන්න වෙන්නේ කාටත් එකට ය.! එක මිටටය!

අධර්මිෂ්ඨ නිරාගමික නිගණ්ඨියෝ රජු වූ කළ බඩු හම්බෙන්නේ තැපෑලෙන් ය. මේ කරුමයෙන් ගැලවීමට නම් මූසලයා එළවීම හැර අන් මඟක් ඇත්තේම නැත!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x