June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මන්ත්‍රීට උස්හඩින් කතා කලැයි පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක්!

1 min read

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවයරකුට උස් හඬින් කතා කළැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් යටියන්තොට පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මාරු කර යවන ලෙසට සීතාවක කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලිපියක් යවා තිබේ.

සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක විසින් sw/s/05/15/2026 අංක දරන මෙම ලිපිය පසුගිය 18 වැනිදා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කෑගලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇත.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් යටියන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඩී. කත්‍රිආරච්චි තමාට උස් හඬින් කතා කරන බවත් තම නියෝග හා ඉල්ලීම් නොපිළිගන්නා බවත්ය.

ඒ අනුව ස්ථානාධීපතිවරයා විසින් කිසිඳු සටහනක් හෝ නොතබමින් මෙම සිද්ධිය ගැන සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලිපියක් යවා ඇත.

අදාළ ලිපිය හා මූලික කරගනිමින් කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් හා ප්‍රකාශ සටහන් කරගැනීමක් නොකොට ඒ ආකාරයෙන්ම පවතින තවත් චෝදනා කිහිපයක්ද සටහන් කරගනිමින් මෙම නිලධාරියා ස්ථාන මාරු කර යවන ලෙස ඉල්ලා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කෑගලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇත.

ජනප්‍රිය පුවත්  රීබිල්ඩින් ශ්‍රී ලංකා හොල්මන් අරමුදලේ කතාව!

මෙම සිද්ධියේ කොටස්කරුවකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීට සති තුනකට පෙර යටියන්තොට පිහිටි සිය දේශපාලන කාර්යාලයට යටියන්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා විමර්ශන අංශ ස්ථානාධිපතිවරුන් කැඳවා උපදෙස් පන්තියක් ද පවත්වා තිබෙන බවත් මෙහිදී ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සමගින් බහින්බස් වීමක්ද සිදුව ඇති බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

දේශපාලන වුවමනාවන් මත පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් ස්ථාන මාරුකර යැවීම වැරැදි සහගත ක්‍රියාකලාපයක් බව යටියන්තොට පොලිසියේ නිලධාරීහු සඳහන් කරති.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x