June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බෙයිජිං නුවරින් ලෝකයටම නිකුත් වූ “චීන-රුසියා ඒකාබද්ධ ප්‍රකාශනය”

1 min read

මැදපෙරදිග යුධ උණුසුම සහ බටහිර රටවල දැඩි බලපෑම් මධ්‍යයේ චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බෙයිජිං නුවරදී ඓතිහාසික ප්‍රකාශනයකට අත්සන් තබා ඇත. මෙම නිල ලියවිල්ල හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශනයක් නොව, ඉදිරි දශක කිහිපය තුළ ලෝකය පාලනය විය යුතු ආකාරය පිළිබඳව බටහිර බලවතුන්ට එල්ල කළ සෘජු අභියෝගයකි.

කරුණු 4ක් පිළිබඳව අවධානය යොමුකරමින් මෙම නිල ඒකාබද්ධ ප්‍රකාශනය නිකුත් කර ඇත.

ලෝක ඉතිහාසයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදුවූ විශාලතම වෙනස්කම් මේ වන විට සිදුවෙමින් පවතින බව දෙරටේ නායකයෝ පෙන්වා දෙති. දෙරට අවධාරණය කරන්නේ “කැලෑ නීතියට” සහ “නව යටත්විජිතවාදයට” තිත තැබීය යුතු බවයි.

ඇතැම් රටවල් තනිවම ලෝකය පාලනය කිරීමටත්, තමන්ගේ මතවාද අනෙක් රටවල් මත පැටවීමටත් ගන්නා උත්සාහයන් මේ වන විට සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති අතර, ලෝකය තවදුරටත් එකිනෙකා සමඟ සටන් වදින “කඳවුරු” හෝ “බල කන්ඩායම්” වලට බෙදිය නොහැකි බවත් ලෝකයේ සියලුම තීරණ තනිවම ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට තිබූ බලය (Unipolar World) දැන් අවසන් වී ඇති බවත්, ලෝකය “කැලෑ නීතියට” (Law of the jungle) අනුව පාලනය වීමට ඉඩ දිය නොහැකි බවත් චීනය සහ රුසියාව ලෝකයටම කියා සිටී.

ජනප්‍රිය පුවත්  ජ.වි.‍ෙපෙ. ගොවි නායකයාගේ බිරිඳටත් ලොකු ගිණුමක්!

වත්මන් යුක්‍රේන සහ මැදපෙරදිග අර්බුදවලට බලපාන ප්‍රධානතම සාධකයක් ගැන මෙහිදී දැඩිව අවධාරණය කරයි.

එක් රටක ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා තවත් රටක ආරක්ෂාව අනතුරේ හෙළීමට කිසිසේත්ම ඉඩ දිය නොහැක. සියලුම ස්වෛරී රටවලට ආරක්ෂාව ලැබීමේ සමාන අයිතියක් ඇත. එමෙන්ම, හමුදා සන්ධාන පුළුල් කිරීම, තෙවැනි පාර්ශ්වයන් ලවා කරවන “ප්‍රොක්සි යුද්ධ” සහ “හයිබ්‍රිඩ් යුද්ධ” වහාම නැවැත්විය යුතු බවත් කිසිදු රටකට තම මධ්‍යස්ථ ප්‍රතිපත්තිය අත්හැරීමට බල කිරීමට කිසිඳු බල අධිකාරියකට නොහැකි බවත් මෙමගින් පෙන්වා දෙයි.

ලෝක පාලන පද්ධතිය සැමට සාධාරණ ලෙස ප්‍රතිසංස්කරණය විය යුතු බව ප්‍රකාශනයේ ප්‍රධාන ඉල්ලීමයි.

“ලෝකයේ කිසිදු රටකට හෝ රටවල් කණ්ඩායමකට ජාත්‍යන්තර සබඳතා තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීමට හෝ වෙනත් රටවල දියුණුව අවහිර කිරීමට අයිතියක් නොමැත. ලෝකයේ ප්‍රධානතම පාලන ආයතනය විය යුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි (UN). රටවල් කිහිපයක් එකතු වී සාදාගන්නා “තමන්ගේම නීති” ජාත්‍යන්තර නීතිය වෙනුවට ආදේශ කළ නොහැක”

බටහිර රටවල් විසින් පනවන ඒකපාර්ශ්වික ආර්ථික සම්බාධක නීතිවිරෝධී බවත්, සංවර්ධනය වෙමින් පවතින කුඩා රටවලටද ලෝක දේශපාලනයේදී තීරණ ගැනීමට සමාන අයිතියක් සහ ඡන්ද බලයක් හිමිවිය යුතු බවත් ඒකාබද්ධ ප්‍රකාශය මගින් අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට!

“මානව හිමිකම් දේශපාලන මෙවලමක් කර නොගනු!” ලෝකයේ පවතින සංස්කෘතික සහ ආගමික විවිධත්වයට ගරු කිරීම පිළිබඳව විශේෂ අවධානයක්.

ලෝකයේ “පළමු පන්තියේ” හෝ “දෙවන පන්තියේ” කියා රටවල් හෝ ශිෂ්ටාචාර නැත. එකම සංවර්ධන මාදිලියක් සියලුම රටවලට පොදු විය නොහැක. එමෙන්ම, වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සඳහා “මානව හිමිකම්” (Human Rights) යන මාතෘකාව දේශපාලන මෙවලමක් ලෙස හෝ ආයුධයක් ලෙස පාවිච්චි කිරීමට එරෙහිවීම පිළිබඳව චීනය සහ රුසියාව මෙම නිවේදනය මගින් අවධාරණය කරයි.

මෙම ඒකාබද්ධ ප්‍රකාශනය හරහා චීනය සහ රුසියාව මුළු ලෝකයටම පණිවිඩයක් ලබා දී ඇත. එනම්, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලෝකය පාලනය කළ යුගය අවසන් වෙමින් පවතින බවත්, ඉදිරියේදී ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව වැනි කලාපවල රටවලටද සමාන බලයක් හිමිවන “බහු-ධ්‍රැවීය නව ලෝක රටාවක්” බිහිවීම වැළැක්විය නොහැකි බවත්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x