July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බුලත්විට විකිණීම තහනම්…!

1 min read

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධාන පිළිකා වර්ග අතර මුඛ පිළිකා ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බැවින්, මෙරට තුළ දුම්කොළ මිශ්‍ර බුලත්විට භාවිතය, විකිණීම සහ බෙදා හැරීම තහනම් කිරීමට අවශ්‍ය නීතිමය පියවර දැඩිව ක්‍රියාත්මක කරන බව ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එම්.ඒ.සී. ප්‍රසාද් මහතා සඳහන් කළේ, මෙරට ජනතාව මුඛ පිළිකාවලට ගොදුරු වීමට ප්‍රධානම හේතුව දුම්කොළ මිශ්‍ර බුලත්විට සහ විවිධ හපන දුම්කොළ නිෂ්පාදන පරිභෝජනය කිරීම බවය.

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව බුලත්විටක දුම්කොළ අන්තර්ගත විය නොහැකි බවත්, දුම්කොළ අන්තර්ගත බුලත්විට විකිණීම, බෙදා හැරීම, ළඟ තබාගැනීම, විකිණීමට ඉදිරිපත් කිරීම සහ ගබඩා කිරීම සම්පූර්ණයෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඔහු අවධාරණය කලේය.

හුදෙක් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් ලංකාව පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ පිළිබඳව නිරන්තර සෝදිසි කිරීම් සහ වැටලීම් සිදු කරන බව ද ඔහු පැවසීය.

මේ හේතුවෙන් පිළිකා අවදානමෙන් මිදීම සඳහා පොදු මහජනතාව මෙන්ම, නීතිමය ගැටලුවලින් වැළකීම සඳහා වෙළඳසැල් හිමියන් සහ ව්‍යාපාරිකයන් ද මේ පිළිබඳව දැඩි අවබෝධයකින් හා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.

ජනප්‍රිය පුවත්  විදේශ සංචිත පහළට

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x