June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස් රාජ්‍යයක්!

1 min read

රට තුළ ඉන්ධන හිඟයක් ඇති බැවින් එය විසදෙන තුරු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින මෙන් මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකු ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද ඉල්ලීමක් මේ සමඟ වේ. එම පුද්ගලයා ගම්පොළ ප්‍රදේශයේ සිපෙට්කෝ තෙල් අලවිසැලක සිට ලංකාව මුහුණපා ඇති තත්වය පැහැදිලි කර, එම තත්වය නිමාවීමෙන් පසුව පැමිණෙන ලෙස විදෙස් සංචාරකයින් වෙතින් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් සංචාරක නියෝජ්‍ය ඇමතිවරයා විසින් පොලිස්පතිවරයා දුරකථනයෙන් අමතා කරන ලද ඉල්ලීමකට අනුව, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ගෙන එන ලද පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මහනුවර වත්තේගම නුවර පාරේ පදිංචි 52 හැවිරිදි එම සංචාරක මග පෙන්වන්නා අත්අඩංගුවට ගෙන ඇත.

සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස සැලකෙන සහ රට තුළ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් ඇති කිරීම පිළිබඳ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

2022 ලෝක තෙල් මිල මීට වඩා ඉහළ ගිය අවස්ථාවේදී හා කොවිඩ් 19 වසංගතය සමඟ ආර්ථිකය බිඳ වැටී තිබූ තත්ත්වය යටතේ ජ.වි.පෙ. සුනිල් හඳුන්නෙත්ති ශ්‍රී ලාංකීය විදේශ රැකියා සිදුකරනවුන් වෙතින් ඉල්ලා සිටියේ ලංකාවට ඩොලර් එවීමෙන් වළකින මෙන්ය. එහෙත් ‘‘මිනීමරු ගෝඨා“ගේ පාලන කාලය තුළ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුණි.

ජනප්‍රිය පුවත්  මලික් බරටම වැඩ !

අදාල වීඩියෝව

ශ්‍යමින්ද පෙරේරා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x