පැරෑලිය සුසාන භූමිය ඩෝසර් කරලා.. ජනතාවගෙන් දැඩි විරෝධය..
1 min read
පැරෑලිය ප්‍රදේශයේ පිහිටි සුනාමි ස්මාරකය අසල සුසාන භූමිය ඩෝසර් කර විනාශ කර දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය දැඩි විරෝධය සහ කම්පනය පළ කර සිටියි.
සුනාමියේදී මියගිය පුද්ගලයන්ගේ දේහයන් මිහිදන් කළ සංවේදී ස්ථානයක් වන මෙම සුසාන භූමිය විනාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට හා කණගාටුවට පත්ව සිටින අතර, මෙම ක්‍රියාව සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳව බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ විසින් වහාම පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් අවධාරණය කරයි.
