April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැරදුන සමූපකාරය, බලෙන් අල්ලන්න මාලිමාවේ කණ්ඩායමක් ඇවිත්!

1 min read

මාතර සමූපකාර රෝහලේ පාලන බලය අත්පත් කර ගැනීමට ජාතික ජනබලවේගයේ කණ්ඩායමක් දැරූ උත්සාහයක් හේතුවෙන් ඊයේ (31) පස්වරුවේ එම රෝහල් පරිශ්‍රයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම තත්ත්වය හටගෙන ඇත්තේ රෝහලේ වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂවරු හත්දෙනෙකුට මූල්‍ය අලාභ සිදුකළ බවට එල්ල වූ චෝදනා මත, දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් ඔවුන්ගේ සමූපකාර සාමාජිකත්වය වසර හතරකට තහනම් කිරීමට ගනු ලැබූ තීරණයත් සමඟයි.

අදාළ සභාපතිවරයා සාමාජික ඡන්දයෙන් පත්ව සිටි අයෙකු වන අතර, කොමසාරිස්වරයාගේ තීරණයට එරෙහිව ඔහු මේ වන විටත් අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී ජාතික ජනබලවේගයේ කණ්ඩායමක් මෙලෙස බලය අත්පත් කර ගැනීමට පැමිණීම මෙම ගැටුමට මුල් වී ඇත.

රෝහල් පරිශ්‍රයේදී කොමසාරිස්වරයා පත්කළ නියෝජිතයෙකු සහ පවතින පාලනාධිකාරිය අතර නීත්‍යානුකූලභාවය සහ ලියකියවිලි සම්බන්ධයෙන් දැඩි වාද විවාද ඇති විය.

තමන් තවදුරටත් සභාපතිවරයා ලෙස කටයුතු කරන බවත්, එය අවලංගු කිරීමට නම් අධිකරණ නියෝගයක් අවශ්‍ය බවත් වත්මන් සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

මේ අතර දෙපාර්තමේන්තුව විසින් සභාපතිවරයා ලෙස සාමාජික ඡන්දයෙන් පත් වූ අහංගම ප්‍රදේශයේ දුසන්ත අබේවික්‍රම පිළිගෙන ඇති බවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ජනප්‍රිය පුවත්  ''මාලිමාව" ට අන්ත පරාජයක්!

ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මාතර මූලස්ථාන පොලිසිය මැදිහත් වූ අතර, වැඩිදුර පරීක්ෂණ සහ ආරක්ෂක පියවරක් ලෙස සභාපතිවරයාගේ නිල කාමරයට මුද්‍රා තැබීමට පොලිසිය කටයුතු කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x