April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාසල් ප්‍රවාහන ගාස්තු අද සිට 5%කින් ඉහළට!

1 min read

ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල සංශෝධනය වුව ද රටේ පැවති තත්ත්වය හමුවේ ප්‍රවාහන ගාස්තුවල වෙනසක් සිදු නොකළ බවය

නමුත් මෙවර රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව ද ඉහළ දැමීමට සිදුවන වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අනෙක් සංගම් සමග සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බවද සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වන බවද ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x