නෝර්වේ කොටියෙකු නීති විරෝධීව සැරිසරයි !
1 min read
නෝර්වේ රාජ්‍යයේ රටවැසියකු වන සරවණන් නාඩරාසා නැමැති LTTE ක්‍රියාකාරිකයා, සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ, එම වීසා ලබාදීමේ දී පණවනු ලැබ ඇති කොන්දේසි කඩකරමින්, දේශපාලන හා ඔත්තු බැලීමේ කටයුතුවල නියැලෙමින් සිටි.
ලේඛකයකු වශයෙන් තමන් හඳුන්වාගනු ලබන සරවණන් නාඩරාසා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ තොරතුරු එක් රැස් කරගැනීමට ය. ඔහු සිංහල ජනතාවට හා බෞද්ධයනට එරෙහිව දිගු කලක් තිස්සේ මතය ගොඩනගනු ලබන්නෙකි. ඒ සඳහා ඔහු දෙමළ බසින් පොත් කීහිපයක්ම ඵළ කර තිබේ. කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව “මහාවංශය” ඓතිහාසික කෘතිය ද ඔහු විකෘති කරමින් දෙමළ භාෂාවට පරිවර්තනය කළ ඵල කර තිබේ.
සංචාරක වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් විවිද දේශපාලන ක්‍රියාවන්හි නිරත මොහු ආරක්‍ෂක අංශ පිළිබඳ බුද්ධි තොරතුරු ද එකතු කර ගනිමින් සිටී.
මේ අතර මොහු වත්මන් මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමති අරුන් හේමචන්ද්‍ර සමග ද සමීප සබඳතා පවත්වනු ලබයි. මේ සමඟ ඵළ කර ඇත්තේ, අරුන් හේමචන්ද්‍රව එම අමාත්‍යාංශයේදී මුණගැසී සරවණන් නාඩරාසා ඡායාරූපයක් ගෙන ඇති අන්දමයි. ඔහු ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් සිදු කරන ලද විවිද දේශපාලන කටයුතු දැක්වෙන ඡායාරූප ද ඒ අතර වේ.
- ජීවක එදිරිවීර –



