April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නෙතන්යාහු ඉවත්වෙනු…! ඊශ්‍රායලයේ දැවැන්ත විරෝධතා!

1 min read

නෙතන්යාඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග සහ වත්මන් පාලනය කෙරෙහි පවතින දැඩි අප්‍රසාදය හේතුවෙන් ඊශ්‍රායලයේ තෙල් අවිව් (Tel Aviv) සහ හයිෆා (Haifa) යන නගරවල රජයට එරෙහිව දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ. එහිදී විරෝධතාකරුවන් “අපට පාලන තන්ත්‍රයේ වෙනසක් අවශ්‍යයි” (We Want Regime Change) යනුවෙන් හඬ නගමින් බෙන්ජමින් නෙදන්යාහුගේ රජයට වහාම ඉල්ලා අස්වන ලෙස බලකර සිටින බව වාර්තා වේ. ඉරානය තුළ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට උත්සාහ කළ ඊශ්‍රායලය තුළම දැන් එවැනිම ඉල්ලීමක් මතු වීම දෛවෝපගත සිදුවීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.

මෙම විරෝධතා මර්දනය කිරීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක අංශ දැඩි පියවර ගෙන ඇති අතර, තෙල් අවිව් හි හබීමා චතුරශ්‍රයේ (Habima Square) පැවති විරෝධතාවය අතරතුර පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. යුදකාලීන හදිසි නීති රෙගුලාසි යටතේ පුද්ගලයින් 50කට වඩා ඒකරාශී වීම තහනම් කර තිබියදීත්, ජනතාව එම නීති නොතකා වීදි බැස ඇති අතර එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් ද ඇති වී තිබේ. ‘Standing Together’ වැනි ක්‍රියාකාරී කණ්ඩායම් පවසන්නේ රජය සිය විරුද්ධවාදීන්ගේ හඬ යටපත් කිරීමට උත්සාහ කරන බවයි.

ජනප්‍රිය පුවත්  මාරාන්තික උපවාසයට දින 4යි! උපවාසයේ සිටි අයෙකු අදත් රෝහල්ගත කරයි

පසුගිය පෙබරවාරි 28 වනදා සිට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික සහ ආරක්ෂක අර්බුද මෙම මහජන නැගිටීමට ප්‍රධාන හේතුව වී ඇත. ඊශ්‍රායල වැසියන්ගෙන් පිරිසක් පවසන්නේ මෙම යුද්ධයේ අවසන් අරමුණ කුමක්දැයි තමන් නොදන්නා බවත්, රජය හුදෙක් දේශපාලන වාසි තකා යුද්ධය දිගු කරමින් සිටින බවත්ය. කලාපීය වශයෙන් මිසයිල ප්‍රහාර එල්ල වෙමින් පවතින වාතාවරණයක, රට තුළින්ම මෙලෙස පාලන තන්ත්‍රය වෙනස් කිරීමට බලපෑම් එල්ල වීම නෙදන්යාහු පාලනයට දැඩි හිසරදයක් වී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x