නිෂ්පාදනය බිඳ වැටේ ! කර්මාන්ත වල පල්ලට !
1 min read
ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කර තිබෙන නවතම වාර්තාවන්ට අනුව පසුගිය අප්‍රේල් මාසය තුළ මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල බරපතල පහතවැටීමක් සිදුව තිබේ.
එහි දැක්වෙන පරිදි 2026 මාර්තු මාසයේ දී 66.7 ක්ව පැවති නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය, අප්‍රේල් මාසයේ දී 42.6 දක්වා පහත වැටී ඇත. එය එක් මසක් තුළ 24.1 කින් පහත වැටීමකිී.
එමෙන්ම, නව ඇණවුම් මාර්තු මාසයේදී 65.9 ක්ව පැවැති අතර, එය අප්‍රේල් මාසයේ දී 36.1 දක්වා පහත වැටී තිබේ. එනම්, 33.8% ක බිඳවැටීමකි. මාර්තු මාසය තුළ 68.8 ක් වූ නිෂ්පාදන අප්‍රේල් මාසය තුළ 30.5 දක්වා 38.3% කින් පහත වැටී ඇත. සේවා නියුක්තිය ද මාර්තු මාසය තුළ 55.9 ක් පැවති ඇති අතර, අප්‍රේල් මාසය තුළ එය 47.0 දක්වා පහත වැටී තිබේ. ඒ 8.9% ක ප්‍රමාණයකිණි.
තොග මිල දී ගැනීම ද සැලකිය යුතු පහත වැටීමකට ලක්ව තිබේ. මාර්තු මාසයේ දී 59.9 ක් පැවැති තොග මිලදී ගැනීම අප්‍රේල් මාසයේ දී 44.0 දක්වා 15.9% කින් පහත වැටී ඇත.
විදුලිය ගාස්තු වැඩි කිරීම, ඉන්ධන පිරිවැය ඉහල යාම, බදු බර අධික වීම වැනි හේතු මත මෙරට නිෂ්පාදන පද්ධතිය බරපතල කඩාවැටීමකට ලක්ව තිබෙන අන්දම මෙමගින් පැහැදිලි වේ. රුපියල දරුණුතම අවප්‍රමාණයවීමකට ලක්වීම හේතුවෙන් ඇති වී තිබෙන ආනයනික අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා අවිනිශ්චිත බව වැඩිවීම ද මේ තත්වය තීව් කිරීමට සමත්ව තිබේ.
මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ මෙම හානිකර ප්‍රවණතාව තවත් වර්ධනය වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන්ගේ මතය වී ඇත.
- ජගත් පී පෙරේරා –
