April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් ඉහළට!

1 min read

ඉන්ධන ප්‍රවාහන කටයුතු හෙට (28) සිට යළිත් සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඒ, නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දුවීමත් සමඟය.

ටැංකි රථ හිමිකරුවන් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරින් සමඟ අද (27) පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.

එහිදී තම සංගමය විසින් යෝජනා හතරක් ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් ලබන අඟහරුවාදා (31) පැවැත්වෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි මහතා ප්‍රකාශ කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x