දේවගැති සූරසේන පුතාව තෝරයි !
1 min read
අධිකරණයට නව විනිසුරන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය මෙහෙයවා තිබුණේ අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන සහ ඔහුගේ ගජ මිතුරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ ප්‍රධානත්වයෙනි. හාස්‍යයට කරුණ වන්නේ, එම සම්මුඛ පරීක්ෂණයට දේවගැති සූරසේනගේ පුත් චමත් සූරසේන හා ගිහාන් කුලතුංගගේ පුතු ද සහභාගි වී සිටීමයි.
මෙරට විනිසුරුවරයකු වීම සඳහා මුලදී පැවතියේ නීතිඥයකු ලෙස වසර 8 ක සේවා පලපුරුද්දකි. මෙම වසර 8 පසුකාලීනව 6 වී අනතුරුව 5 බවට පත්වී අවසානයේ 4 බවට පත්ව තිබිණි. දේවගැති සූරසේනගේ පුත්‍රයා සහ සිය ගජ මිතුරු ගිහාන් කුලතුංගගේ පුත්‍රයාට ගැලපෙන පරිදි මෙවර එම කාලය වසර 3 දක්වා පහත වට්ටවා ඇත.
මීට අදාළ විභාගයට ද මේ පුතුන් දෙදෙනා සහභාගි වී තිබේ. විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සම්මුඛ පරීක්ෂණයට කැඳවනවා වෙනුවට ජනාධිපතිවරයාගෙන් ලැබුණු ලයිස්තුවකට අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත. තාත්තලා දෙන්නා විසින් පුතාලා දෙන්නා සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ඇත්තේ ඒ අනුවය.
මෙරට අධිකරණය දේවගැති සූරසේන විසින් වනසන අන්දම ගැන නීති ක්ෂේත්‍රයේ බොහෝ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ.
- කුමාර ගජධීර –
