April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තෙල් සංචිතේ කීවේ ඕඩර් කළ ඒවත් එක්ක… ලබන මාසේ මිල වැඩි කරනවා කීවේ සාමාන්‍ය තත්ත්වෙදි

1 min read

තමන් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවා රට සතු තෙල් සංචිත ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කළේ ඉදිරියේදී රටට ලැබීමට නියමිත තෙල් නැව්වල එකතුවත් සමග බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසයි.

ඒ අනුව පසුගිය 01 වෙනිදා සහ 07 වෙනිදා රටට තෙල් නැව් දෙකක් පැමිණි බවත් එම තෙල් මිලට ගත යුත්තේ ඒවා ගොඩබාන අවස්ථාවේ වෙළඳපොළ මිල අනුව බවත් සභාපතිවරයා ප්‍රකාශ කරයි.

ඉරාන ගැටුම ආරම්භයට පෙර පැවති බොරතෙල් මිල මේ වන විට 37%කින් වැඩි වී ඇති බවද ජනතාව පසුගිය සතියේ කලබල වී අධික ලෙස තෙල් මිලට ගත් නිසා දැන් නිකුත් කරන්නේ අලුතින් රටට පැමිණි සංචිත බවද ඔහු සඳහන් කරයි.

එම අවස්ථාවේ ලබන මස මුල තෙල් මිල වැඩි වන බව ප්‍රකාශ කළේ සාමාන්‍ය තත්ත්වය යටතේ වුවද දැන් යුද්ධය සමග අසාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය වීම නිසා අසාමාන්‍ය ලෙස තෙල් මිල ඉහළ ගිය නිසා මිල නැංවීමට සිදුවූ බවද ඩී.ජේ රාජකරුණා වැඩි දුරටත් පෙන්වා දෙයි.

ජනප්‍රිය පුවත්  අනුර යාපනේදී කළේ කොන්ද පණ ඇති කතාවක්… එහෙම කොන්දක් වෙන කාටවත් නෑ…

අද (10) මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම කියා සිටියේ සෙසු රටවල් මෙන් අනවශ්‍ය ගමන් බිමන් අතහැර තෙල් පරිභෝජනය සීමා කර සාමුහිකව මෙම තත්ත්වයට මුහුණදිය යුතු බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x