June 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු වෛරසයේ වෙනසක්…! රෝගීන් ප්‍රමාණය වැඩිවෙයි…!

1 min read

ඩෙංගු වෛරසයේ යම් වෙනසක් සිදුව ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.

මේ දිනවල ඩෙංගු ව්‍යාප්තිය වඩාත් වේගවත්වීමට එයද හේතු වී ඇති බවයි ඔහු කියාසිටියේ.

මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ වනවිට හදුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 41,144ක්.

මෙම රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් හදුනා ගෙන ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවා.

මේ අතර දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අද සිට යළි ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මකයි.

වැඩබිම්, රාජ්‍ය ආයතන, පාසල්, නිවාස ඇතුලු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඒවා අධීක්ෂණයට ද මෙම සතිය තුළ කටයුතු කෙරෙනු ඇති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x