June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු කීටයෝ ඉස්කෝලේ ඇවිත් – පාසල් 41%ක් අවදානමක

1 min read

පාසල්වලින් සියයට හතළිස් එකක ඩෙංගු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය. ඩෙංගු කීටයන් බෝවන ස්ථාන වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ පාසල් ආශ්‍රිතව බව කී ඇමැතිවරයා මීට අමතරව ආගමික ස්ථානවලින් සියයට 28ක හා කර්මාන්ත ආශ්‍රිතව සියයට 26ක් ආදී ලෙස ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති බව ද කීවේය.

දිස්ත්‍රික්ක 14ක මෙම ප්‍රශ්නය බරපතළ ලෙස පැන නැගී ඇති බවත් ඩෙංගු පරීක්ෂාවේදී මෙම කරුණු අනාවරණය වූ බවත් ඔහු සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව ඩෙංගු රෝගය මැඬපැවැත්වීම සඳහා සියලු පාර්ශ්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා රටක් ලෙස එකවර මේ සඳහා මැදිහත් වන්නේ නම් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත හැකි බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“දැඩිව අවධානය යොමු කළ යුතුයි මේ ගැන. අපි පරීක්ෂා කරපු තැන්වලින් පාසල් පද්ධති 41%ක් පමණ ඩෙංගු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන තිබෙනවා. මේ ආදි හැටියට ටිකක් මදුරුවන් බෝවීම වැඩිතැන් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂාවට අදාළව නිරන්තර අවධානය යොමු කරමින් එම ස්ථාන පිරිසුදු කරවීම සඳහා ජනතාව උනන්දු කරවනවා. බස්නාහිර පළාත, දකුණු පළාත, මධ්‍යම පළාතේ නුවර සහ මාතලේ, බදුල්ල, මඩකලපුව, වයඹ පළාතේ දිස්ත්‍රික්ක දෙකක සහ සබරගමුවේ දිස්ත්‍රික්ක දෙකම සංඛ්‍යාව වැඩි වෙලා තිබෙන්නේ. පිරිසුදු කිරීම් අඛණ්ඩව යනවා.” යැයි ද ඇමැති නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x