June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු ආශ්‍රිත මරණ ඉහළ යාමේ අවදානමක්

1 min read

ඩෙංගු රෝගීන් පන්සියයකට අධික ප්‍රමාණයක් මේ වන විට දිනපතා හමුවන බවත් මෙම තත්ත්වය පාලනය නොකළහොත් එය ​රෝහල් පද්ධතියට ඔරොත්තු නොදෙන බැවින් ඩෙංගු ආශ්‍රිත මරණ ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවැසීය. ඒ අනුව ඉකුත් මාසයට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම මාසයේදී සියයට පනහකින් (50%) පමණ වැඩි වී ඇතැයිද ඉකුත් දින එකොළහේදී රෝගීන් 5256දෙනකු වාර්තා වී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ දිනවල ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ පතිතවන වර්ෂාවත් සමග ඩෙංගු රෝගය පැතිරීම වේගවත් වී ඇතැයිද ඔහු එහිදී සඳහන් කළේය.

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර ‘අරුණ’ට සඳහන් කළේ ජුනි 1 වැනිදා සිට ඊයේ 11 වැනිදා දහවල් දක්වා කාලයේදී ඩෙංගු උණ වැලඳුණු රෝගීන් 5256 දෙනකු වාර්තා වී තිබූ බවයි. ඒ අනුව මෙම වසරේ ගත වුණු මාස පහයි දින 11ක කාලයේදී ඩෙංගු ​රෝගීන් 39,110 දෙනකු වාර්තා වී ඇති බවද ඇය සඳහන් කළාය. එහෙත් පසුගිය වසරේ (2025) අදාළ කාලසීමාවේදී හමු වී තිබුණේ ඩෙංගු රෝගීන් 10,000ක පමණ පිරිසකි.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවට කඩේ ගියා හොඳටම ඇති! ආණ්ඩුව නෙමෙයි අධ්‍යාපනය රැකගමු..! – මහාචාර්ය අර්ජුන පරාක්‍රම…

ඩෙංගු රෝගය බරපතළ ලෙස ව්‍යාප්ත වීම සැලකිල්ලට ගෙන ලබන (15 වැනිදා) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සැලසුම් කර ඇත.

මේ අතර මෙම මස 8, 9, 10 යන දිනවලදී දිස්ත්‍රික්ක 14ක් ආවරණය කරමින් වෛද්‍ය නිලධාරී කාර්යාල 72ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රටම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කළ බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x