June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජෙරම්ගේ පුවරු ජනපති නියෝගයෙන්!

1 min read

සම්ප්‍රදායික කතෝලික බැතිමතුන් හා අඩු ආදායම් මට්ටමේ සිටින හා ඉහළ ධනය හිමි බෞද්ධයන් අන්‍යාගමීකරණයට ලක් කිරීම සිදු කරන ‘‘දිවැසිවරයකු“ ලෙස පෙනී සිටින ජෙරම් ප්‍රනාන්දුගේ ආගමික ප්‍රවර්ධනය වෙනුවෙන් කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය ආශ්‍රිතව සිටුවන ලද කටවුට් ජනාධිපතිවරයාගේ නියෝගයෙන් නැවත සකස් කර පිහිටුවීමේ ක්‍රියාමාර්ගයක් lankaundergroundnews අද (18) අනාවරණය කරනු ලැබේ.

මෙම කටවුට් දැනට මාස 2ක කට මදක් වැඩි කාලයකදී ජෙරම් ප්‍රනාන්දුගේ ආගමික කල්ලිය විසින් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට මුහුණ ලා සවිකර තිබේ. ඒවා කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව සවිකරන ලද ඒවා බැවින්, මාර්ග සංවර්ධන අධිකාරියට ලැබුණු පැමිණිලි මත එහි මීට අදාළ අංශය විසින් ගලවා ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මේ පිළිබඳ පැමිණිල්ල ජෙරම් ප්‍රනාන්දු විසින් ජනාධිපතිගේ සුරතලිය වන ප්‍රමිෂ්කා පෙරේරාට දැනුම්වත් කරන ලද අතර, පසුව ඇය ඒ බව ජනාධිපති ”අයියා” ට දැනුම්වත් කර තිබේ. එම දැනුම්වත් කිරීමෙන් පසු කෝපයට පත් ජනාධිපතිවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින්, කඩා ඉවත් කරන ලද එම පුවරු වහාම නැවත සවි කරන ලෙස නියෝග කර තිබේ.

ජනප්‍රිය පුවත්  දේවගැති, අගවිනිසුරු සූරසේනගේ පුත්තු අධිකරණයේ පහරති !

එම නියෝගයෙන් පසුව, අදාළ පුවරු ගැල වූ අංශයට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් නියෝග කර ඇත්තේ වහාම එම පුවරු පැවැති ආකාරයටම සවි කරන ලෙස ය. එම නියෝගයෙන් පසුව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් එකී පුවරු නැවත තිබූ පරිදම සවිකර තිබේ.

ප්‍රමිෂ්කා පෙරේරා ජෙරම්ගේ බලවත් අනුගාමිකයකු ද වන අතර, ඇය ජනාධිපතිවරය ද ජෙරම්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා පෞද්ගලිකව සම්බන්ධ කර ඇත.

යාපනයට ගොස් බෞද්ධයන්ට සිල් ගැනීමට යාපනයට නොඑන ලෙස තර්ජනය කරන ජනාධිපතිවරයා ‍ජෙරම් ප්‍රනාන්දුගේ ආගමික කල්ලියේ වහළකු බවට පත්ව ඇත්තේ කවර තරමින්දැයි සේවකයන් විසින් කතා බහ කරන්නට පටන්ගෙන් තිබේ.

ප්‍රමිෂ්කා පෙරේරා ජනාධිපතිවරයා සමීපව ඇසුරු කරන කොළඹ තුල්ටූර් සමාජයේ ප්‍රධාන පෙළේ කාන්තාවකි. ඇය ජනාධිපතිවරයාව අමතන්නේ ”අයියා” කියා ය.

රවින්ද්‍ර සමරජීව lankaundergroundnews

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x