ජාතික රෝහලේදී හෙදියන් විසින් සලේට බලෙන් බෙහෙත් පොවයි?
1 min read
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයන්ට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා පෙෙර්දා (13) පෙරවරුවේ සිට ඖෂධ භාවිත කිරීමට පටන්ගෙන ඇතැයි රෝහල් හා පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
ආහාර වර්ජනය කිරීම සහ සිරුරේ ඇති වූ සංකූලතා හේතුවෙන් සුරේෂ් සලේ මහතා පසුගිය 07 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔහුව සාමාන්‍ය වාට්ටුවකට මාරුකරනු ලැබීය.
එහිදී ඔහුට සේලයින් ලබාදී ඇති අතර දිගින් දිගටම ඔහු ආහාර සහ ඖෂධ ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ තත්ත්වය මත පෙරේදා (13) හෙදියක් විසින් සලේ මහතා ඖෂධ භාවිත නොකිරීම සම්බන්ධයෙන් ද දැඩිව දොස් නඟා ඔහුට ඖෂධ ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
“මේක රෝහලක්. රෝහලක සිටින රෝගින්ට මැරෙන්න ඉඩ දෙන්න බැහැ. රෝගියාට ඩොක්ටර් නියම කරන බෙහත් බොන්න ඕනේ. ඒ නිසා ඔයා මේ බෙහෙත් ටික බොන්න ඕනේ“ යැයි ඇය දැඩිව සලේ මහතාට පවසා ඖෂධ පානය කරන තැනට පත්කර ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
ඹෟෂධ භාවිත කළද සලේ මහතා තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බව සඳහන්ය.
