June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපතිතුමාගේ අම්මාටත් අපහාස කරනවා… අපි දුන් ප්‍රජාතන්ත්‍රවාදය වල්බූරු නිදහසක් කර ගන්න එපා…! – නි. ඇමති මහින්ද ජයසිංහ…

1 min read

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදය වල්බූරු නිදහසක් කරනොගන්නැයි අනතුරු හඟවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි

“අපි දැක්කා ඇති පදම් විවේචන කරනවා. ජනාධිපතිතුමාගෙ අම්මාට, ඒ වයෝවෘද්ධ ආදරණීය අම්මාට විවිධ විදියට අපහාස කරනවා. අපේ අගමැතිතුමියට විවිධ අපහාස කරනවා. ඒවා මහත්වරුනි දේශපාලන විවේචන නෙවෙයි.

මේගොල්ලන්ට කියන්න ඕනෙ, අපි ලබාදීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වල්බූරු නිදහසක් බවට පත්කරගන්න එපා කියලා, විශේෂයෙන්ම සෝෂල් මීඩියාවල මේ විදියේ වල්බූරු අභූත චෝදනා කරන, පහත් විවේචන කරන මහත්වරුන්ට අපි මේක කියන්න ඕනෙකම තියෙනවා.”

මහින්ද ජයසිංහ මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති විවාදය අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x