July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගිලෙන නැවෙන් කප්පිත්තෝ පැනයති ! මධ්‍යම පළාත් ආණ්ඩුකාරයා ඉල්ලා අස් වේ !

1 min read

මධ්‍යම පළාතේ 15 වැනි ආණ්ඩුකාරයා ලෙස, ජනාධිපති අනුර කුමාර විසින් පත්කරන ලද මහාචාර්ය එස්. බී.එස්. අබේකෝන් (සරත් බණ්ඩාර සමරසිංහ අබේකෝන්) එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඊට අදාළ ලිපිය ඔහු මේ වන විට ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත.

ඔහුව එම ධූරයට පත්කරනු ලැබුවේ 2024 සැප්තැම්බර් 25 ය. පේරාදෙනිය සරසවියේ 19 වැනි උපකුලපතිවරයා ලෙස (2009-2012) කාලයේ කටයුතු කර ඇති ඔහු මීට පෙර, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු ආයතනයේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

දිගින් දිගටම ජ.වි.පෙ. සංවිධායකයන්ගෙන් සිදුකෙරෙන හානිකර බලපෑම පිළිබඳව මහාචාර්ය අබේකෝන් සිය සමීපතමයන්ට පසුගිය කාලය පුරාම කරුණු ඉදිරිපත් කර තිබේ. ජ.වි.පෙ. ඉහල නායකත්වයට මේ ගැන කීපවරක් කරුණු කීවද එමගින් තත්ත්වය යහපත් අතර හැරී නැතැයි ඔහුගේ සමීප ආරංචිමාර්ග පවසයි.

ඒ අතරම ආණ්ඩුව කෙරෙහි මහජනතාව තුළ ඇති වී තිබෙන බලවත් අප්‍රසාදය ද මෙම තීරණය කරා පෙළඹවීමට ඔහුට බලපා ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයා ඔහුගේ මෙම තීරණය වලක්වාගැනීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැත.

ජනප්‍රිය පුවත්  වටයා වැටිලා

මීට පෙර බස්නාහිර ආණ්ඩුකාර ධූරය දැරූ හනීෆ් යූසුෆ් ද එම තණතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබුණි. පසුගිය මැයි මාසයේ දී ඒ බව නිවේදනය කළ ඔහු, ජනාධිපතිවරයා විසින් අනුප්‍රාප්තිකයකු පත්කරන තුරු එම ධූරයේ රැඳී සිටින බවට ද ප්‍රකාශ කළේය.

අපගේ ජ.වි.පෙ. ආරංචි මාර්ගයන්ට අනුව, තවත් ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. එය ඉදිරි මාස කිහිපය තුළ සිදුවීමට නියමිතය.

  • චාරිකා මුදුන්කොටුව
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x