July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොවිඩ් 19 වෛරසය ඇමරිකාවේ වැඩක් ! ඇමරිකා එ. ජ. ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂිකා තුල්සි ගැබාඩ් හෙළිකරයි ! ආන්දෝලනාත්මක විශේෂ අණාවරණයකි !

1 min read

ඇමරිකාවේ ජාතික ඔත්තු සේවය වූ (N.I) ආයතනයේ අධ්‍යක්ෂක තුල්සි ගැබාඩ් තමන් විශ්‍රාම ගැනෙන දිනයේ දී සිය X පණිවිඩයක් මගින් බරපතළ අණාවරණයක් සිදුකර තිබේ.

එම පණිවිඩය මගින් ඇය අණාවරණය කර ඇත්තේ “කොවිඩ්” වෛරසය, චීනයේ වූහාන් නුවර වූ රසායනාගාරයකින් මුදාහැර ඇත්තේ ඇමරිකාව විසින් බවයි. වෛරසය නිපදවා උවමනාවෙන්ම පැතිර වූ බවට ඇය චෝදනා කර ඇත්තේ වෛද්‍ය ඇන්තනී ෆවුසි ට ය. මෙම ඇමරිකානු වෛද්‍යවරයාට ඊශ්‍රායලය විසින් 2021 දී අති විශාල මුදලක් (ඇමරිකානු ඩොලර් මිලියනයක්) තෑග්ගක් ලෙස ලබා දී ඇත්තේ මෙකී කාර්යභාරය අගයන්නට ය.

ඇමරිකානු බදු ගෙවන ජනතාවගේ මුදල් මිලියන ගණනින් වැයකර, වෛද්‍ය ඇන්තනී ෆවුසි මෙම භයානක වෛරසය වූහාන් හි පිහිටි රසායනාගාරයක නිපදවා පරිසරයට මුදා හැර ඇති බව ඇය තම X පණිවිඩය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙම කොවිඩ් වසංගතය හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ පමණක් 16,000 කට වඩා මිනිසුන් මරුමුවට ලක් විය. එමෙන්ම, ආර්ථිකය බරපතළ ලෙස බිඳවැටීමට ද එය තියුණු බලපෑමක් ඇති කළේය. චීනය ආර්ථිකමය වශයෙන් බිඳවැට්ටවීම මෙහි අරමුණ විය හැකිව තිබුණ මුත්, එමඟින් ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට ගොදුරු වූයේ ලොව දුප්පත් රටවල් ය.

එම රෝගයෙන් ආරක්ෂාවීමටයැයි කියමින්, නියමිත පරීක්ෂාවකින්තොරව විවිද වර්ගයේ එන්නත් ලක්ෂ ගණනින් පුද්ගලයන්ට ලබාදීම විසින් අසාමාන්‍ය මරණ ප්‍රමාණයක් ද ශ්‍රී ලංකාව ඇතුළු ඇතැම් රටවල සිදුව තිබේ.

ජනප්‍රිය පුවත්  නන්දලාල් රට පැන්නේ ඇයි ? භාණ්ඩාගාර නිලධාරින් බියෙන්!

තුල්සි ගැබාඩ් මහත්මියගේ චෝදනාව එල්ල වී ඇති වෛද්‍ය ඇන්තනී ෆවුසි ඇමරිකා එක්සත් ජනපදයේ අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (NIAID) ප්‍රධානියාය. ඔහු චීනයේ, වූහාන් වෛරස් විද්‍යා ආයතන‍යේ (WIV) වවුලන් කිරීටක වෛරස් පිළිබඳ භයානක ක්‍රියාකාරිත්වය අරඹයා පර්යේෂණ සඳහා මුදල් යොදවා තිබේ. ඒ ඇමරිකානු ඩොලර් මිලියන ගණනිනි.

ඇමරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාඩ් ලේඛන සහිතව අණාවරණය කර ඇත්තේ වෛද්‍ය ෆවුසි විසින් 2024 වෛරස් පර්යේෂණ පිළිබඳ බුද්ධි නිලධාරින් සමඟ සාකච්ඡා කිරීම පවා මගහරින ලද්දකු බවයි. එමෙන්ම ඔහු කොංග්‍රසයට ද බොරු කියා ඇතැයි චෝදනා කර තිබේ.

“කොවිඩ් – 19 වසංගතය අපගේ සෙසු ඇමරිකානුවන් මිලියන ගණනකට සහ ලොව පුරා සිටින ගණනය කළ නොහැකි ජනතාවකට දැවැන්ත දුෂ්කරතා සහ වේදනාවන් ඇති කළේය. වසර ගණනාවක බොරු, වාරණය සහ වසන්කිරීම් වලින් පසු ඇමරිකානු ජනතාවට විනිවිදභාවය, සත්‍යය සහ වගවීම හිමිවිය යුතුයැයි” ඇය පැවසයි.

එමෙන්ම වැඩිදුරටත් ඇය සඳහන් කර ඇත්තේ, “සත්‍යය සැඟවීමට භාවිතා කරන උපක්‍රම රාජ්‍යයේ ගැඹුරු නාට්‍ය පොතෙන් කෙලින්ම උපුටා ගන්නා ලද්දකි. ආචාර්ය ෆවුසි වැනි දේශපාලනීකරණය වූ ආත්මාර්ථකාමී නායකයින් තමන්ගේ වැරදි, බලය අනිසි ලෙස භාවිතා කිරීම වසන් කළහ. බුද්ධි අංශ හැසිරවූහ. කොංග්‍රසයට බොරු කීහ… ඇමරිකානු ජනතාව සැබෑ කතාව ඉගෙනීමට කාලයයි” යනුවෙනි. ඇන්තනී ෆවුසි විශාල ඖෂධ සමාගම් සමඟ සම්බන්ධ අයකු වන අතර, අවදානම් සහිත කොරෝනා වෛරස් පර්යේෂණ සඳහා ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා එන්නත් නිපදවීමටද අරමුදල් සපයා ඇත. ඔහු මෙම මෙහෙයුමේ තිරය පිටුපස උපදේශකයා ලෙස තුල්සි ගැබාඩ් විසින් හඳුන්වා තිබේ.

ජනප්‍රිය පුවත්  දේවගැති C.J. ගෙන් මහාධිකරණ විනිසුරන්ට නියෝගයක් !

“ෆවුසි ජාතියේ වසංගත “පණ්ඩිතයා” බවට පත් වූ අතර ප්‍රසිද්ධියේ බොරු, වැරදි තොරතුරු සහ වාරණය ප්‍රවර්ධනය කළේය” යනුවෙන් ද සඳහන් මේ පිළිබඳවන වාර්තාවන්හි, තමන්ගේ අදහසට විරුද්ධ විය හැකි විශේෂඥයින් ඔහු නොසලකාහැරිය බව ද අවධාරණය කර ඇත.

අධ්‍යක්ෂ ගැබාඩ් පවසන්නේ ෆවුසිගේ COVID සම්භවය පිළිබඳ නිගමනවලට අභියෝග කළ බුද්ධි විශ්ලේෂකයින් කිහිප දෙනෙකුගෙන්ම ලද සාක්ෂි වලින් හෙළි වී ඇත්තේ ඔවුන් ඒ නිසාම පලිගැනීමේ තර්ජනයකට මුහුණ දුන්, කොන් කරන ලද හා බොහෝ විට වෘත්තීය පසුබෑමකට ලක් කර ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල වාර්තාවන්ට අනුව ලොව පුරා තහවුරු වූ මරණ මිලියන 7.1 කට වඩා (7,114,321) කොවිඩ් වෛරසය හේතුවෙන් සිදු වී තිබේ. ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව, මෙරට පුද්ගලයින් 16,814 ක් මරණ සිදු වී ඇත. නමුත් ලොව බොහෝ රටවල සිදු වූ ලියාපදිංචි නොකළ මරණ සහ වක්‍ර බලපෑම සලකා බැලීමේ දී සැබෑ ගෝලීය මරණ සංඛ්‍යාව මිලියන 19 සිට 36 දක්වා ඉහල අගයක් ගත හැකි බව පර්යේෂණ ආයතනවල මතයයි.

ජනප්‍රිය පුවත්  මහානායක හිමිවරු ජනපතිට අනතුරු අඟවති !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව අනුව, කොවිඩ් – 19 වසන්ගතය ලෝක ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 12.5 කට වඩා වැඩි අලාභයක් සිදු කර තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකය ද මේ හේතුව මත 2020 වසරේ දී 3.6% ක සෘණාත්මක ආර්ථික සංකෝචනයක් ඇති වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර ඇත. එය, 1930 ගණන්වල ඇති වූ මහා ආර්ථික අවපාතයෙන් පසු ලෝකය මුහුණ දුන් දරුණුතම මූල්‍ය බිඳ වැටීම වේ.

ශ්‍රී ලංකා මහබැංකුවට අනුව 2020 සහ 2011 වසර වලදී රටට සිදු වූ දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික අලාභය රුපියල් ට්‍රිලියන 2.5 කි. ඇඟළුම් ඇතුළු ප්‍රධාන අපනයන ආදායම් ද 15.6% කින් අඩු විය.

  • නුවන් මැද්දගේ –

තුල්සි ගැබාර්ඩ්ගේ X පනිවුඩය 👆

ඊශ්‍රායලය වෛද්‍ය ෆවුසිට දෙන ලද තෑග්ග 👆

ජාතික බුද්ධි අධ්‍යක්ෂකගෙ වාර්තාව 👆

https://www.odni.gov/index.php/newsroom/press-releases/press-releases-2026/4166-pr-11-26

අදාළ සම්පූර්ණ වාර්තාව 👆

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x