කොටි දුන්න ලයිස්තුව සිරකිරීම කඩිනම් කෙරේ !
1 min read
පසුගිය ජනාධිපතිවරණයට පෙර, අනුර කුමාර සහ LTTE ඩයස්පෝරාවට අයත් සංවිධාන 3 ක ප්‍රධානින් හමු වී සාකච්ඡා පවත්වා ඇත්තේ කැනඩාවේ දී ය. ගෝලීය දෙමළ සංසදය, Transnational Government of Tamil Eelam (TGTE), Tamils Rehabilitation Organisation (TRO) යන සංවිධාන තුන නියෝජනය කරමින් එහි ප්‍රධානින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත. සුරේන් සුරන්දිරන්, විශ්වනාදන් රුද්‍රකුමාරන්, ශ්‍රීකරන් තුරෙයිරාජා හා එස්.ජේ. එමානුවෙල් පියතුමා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සම්බන්ධ වී තිබේ.
එහිදී LTTE හිතවාදී සංවිධාන සියල්ලෙහිම නියෝජිතයෙන් ප්‍රධාන වශයෙන් සිදුකර ඇත්තේ ඉල්ලීම් 3 කිි. අපගේ විදේශගත වාර්තාකරුවනට අනුව, එම ඉල්ලීම් තුනෙන් පළමුවැන්න වී ඇත්තේ, LTTE ය යුදමය වශයෙන් පරාජය කිරීමට මූලිකව දායකත්වය දැක් වූ සියළු දෙනාටම කුමන අයුරකින් හෝ සිරගත කිරීමය. ඒ සම්බන්ද නාම ලේඛනයක් ද ඔවුන් විසින් ලබා දී තිබේ.
දෙවන ඉල්ලීම වී තිබෙන්නේ, එම පළමු කොන්දේසිය සැපිරීමෙන් පසු තමන් සතු මුදල් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ඇති බාධා ඉවත් කිරීමය. ඒ සඳහා මුදල් විශුද්ධිකරණ පණතේ සිදු කළ යුතු සංශෝධනයන් හා ඇතැම් LTTE පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම වලකා ඇති නීතිමය බාධා ඉවත් කිරීම ඔවුන් දක්වා තිබේ.
තෙවැන්න වනුයේ එම කරුණු 2 ම සැපිරීමෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත් හි පළාත්සභා මැතිවරණ පැවැත්වීම හා ඒවායේ සම්මතකරගන්නා ප්‍රඥාප්ති සියල්ල අනුමත කරන ආණ්ඩුකාරවරයෙකු (තමන් නම් කරන) ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු වීමය. එම කරුණ සමගම ඈදමින් ඔවුන් දක්වා ඇත්තේ මහවැලි සංවර්ධන අධිකාරිය අහෝසි කිරීම, (එමඟින් මහවැලි ඉඩම් ප්‍රාදේශීය ලේකම් යටතට පත්වේ) දේවාලගම් පණත, පූජා භූමි හා පුරාවිද්‍යාවට අදාළ පණත් සංශෝධනය කර ඒවායේ බලය දුර්වල කිරීම යනාදිය ද සිදු කළ යුතු බවය.
අනුර කුමාර එම සම්පූර්ණ යෝජනාවන්ට අනුමැතිය ලබා දී තිබේ. එම සහතිකය ලැබීමෙන් පසුව, එම දෙමළ සංවිධානයන් හි ජාලගත පිරිස මෙහෙයවනු ලැබ, උතුරේ හා නැගෙනහිර දෙමළ ඡන්ද මාලිමාවට ලබාදීමේ කාර්යය ඔවුන් විසින් ඉටු කර තිබේ.
අනුර කුමාර ජනාධිපතිවීමෙන් පසුව ලන්ඩනය කේන්ද්‍රකරගත් ගෝලීය දෙමළ සංසදය (GTF) හා තවත් දෙමළ ඊළාම් හිතවාදී සංවිධාන ඔහුගේ ජයග්‍රහණයට සුබපතා නිවේදන නිකුත් කරන ලද්දේ එකී රහසිගත අවබෝධය මත ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකාවේ සිටින කැනේඩියානු මහකොමසාරිස් ඇතුළු ඇතැම් යුරෝපා රටවල තානාපතිවරු ජ.වි.පෙ. මූලස්ථානයට පැමිණියේ එම අභ්‍යන්තර එකඟතාව ඇතිවීමෙන් පසුවය.
මේ වන විට මුදල් විශුද්ධිකරණ පණත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ගැනීම සඳහා ඉදිරිපත් කර තිබේ. මහවැලි සංවර්ධන අධිකාරිය අහෝසිකර දැමීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත. හිටපු නාවික හමුදාපතිව, ගෝඨාභය රාජපක්ෂ, සුරේ සලේ, ශවේන්ද්‍ර සිල්වා යනාදින් රැසක් විවිද චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන හෝ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ අප ඉහත සඳහන් කළ එකඟතාව පරිදිය.
ඒ අනුව, මේ වසර තුළ මෙම සෑම පියවරක්ම සිදු කර අවසන් කිරීම දෙපාර්ශවය ඇති අවබෝධතාව වී තිබේ. එවිට, මෙම වසර අග වන විට උතුරේ හා නැගෙනහිර තම දේශපාලන උවමනාවට සරිලන ව්‍යාපෘති වෙනුවෙන් හා ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරවීමෙහිලා තීරණාත්මක බලපෑමක් කළ හැකි උපායමාර්ගිකව වැදගත් ක්ෂේත්‍ර තුළ ද එම සංවිධාන සතු “කළු සල්ලි” ආයෝජනය සඳහා රැගෙන ඒමට නියමිතව තිබේ.
මෙමගින් ආර්ථිකයේ තාවකාලික පිබිදීමක් ඇති කර ගැනීමට හැකිවනු ඇතැයි කල්පනා කරන ජනාධිපතිවරයා ඒ සමගම ලබන වසරේ මැදභාගයෙන් පසු අවශ්‍යවෙතොත් මහමැතිවරණයකට යාම පිළිබඳවද සලකා බලමින් සිටී.
දැනට LTTE හිතවාදී සංවිධානවල ප්‍රධානීන් සමඟ සම්බන්ධීකරණය සිදුකරන්නේ ජනාධිපතිවරයාගේ සමීප හිතවාදියකු ලෙස කටයුතු කරන ක්‍රිශාන්ත කුරේ හරහා ය. ඒ මාර්ගයෙන් දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාවයන් හි ප්‍රගතිය විමසා බැලෙන අතර, ක්‍රිෂාන්ත කුරේ එම තත්වය ජනාධිපතිවරයාට දැනුම්වත්කිරීම සිදු කරනු ලබයි. අපගේ විදෙස්ගත වාර්තාකරුවන්ට අනුව, ඉදිරි මාස 4 තුළ තවත් ආරක්ෂක හමුදා ප්‍රධානීන් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.
- රුචිර පෙරේරා –
