කිසිදු සිංහල ගුරුවරයෙක්ට පඩි නොගෙවන සිලාවතුර තම්බපන්නි සිංහල විද්‍යාලය.. ළමයිට බොන්න වතුරත් නැහැ…
1 min read
සිලාවතුර ප්‍රදේශයේ පිහිටි තම්බපන්නි සිංහල විද්‍යාලයේ පවතින දැඩි අඩුපාඩු මධ්‍යයේ වුවද, දරුවන් 30 දෙනෙකුගේ පමණ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ගුරුවරුන් සිය සේවය ස්වේච්ඡාවෙන් සපයනු ලබයි.
මෙහි සේවය කරන කිසිඳු සිංහල ගුරුවරයෙකුට වැටුප් නොගෙවන බවද වාර්තා වේ.
පාසල් දරුවන්ට පානීය ජල පහසුකම් පවා නොමැති අතර, රජයේ කිසිදු බලධාරියෙකුගේ අවධානයක් හෝ පහසුකමක් මේ දක්වා මෙම විද්‍යාලයට ලැබී නොමැති බව පහත දැක්වෙන වීඩියෝව මඟින් අනාවරණය කෙරේ.
https://www.facebook.com/reel/2072018436745165
