කැරැල්ලක් අත ලඟ! බුද්ධි අංශ වාර්තාවක් කියයි!
1 min read
දැනට පවත්නා අධික ඉන්ධන මිල හේතුකොට ගෙන සියලු නිෂ්පාදන හා සේවාවන් හි මිල ඉහළ යෑම හේතුකොට ගෙන දැඩි ජීවන අර්බුදයකට සමාජයේ බහුතරයක් ගොදුරුව ඇති බැවින්, දේශපාලන නායකත්වයකින් තොරව හෝ සමාජ කැරලිකාරීත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවක් වැඩෙමින් ඇතැයි රාජ්‍ය බුද්ධි සේවාව විශේෂ වාර්තාවක් මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
එම රහස්‍ය වාර්තාවේ දැක්වෙන අන්දමට, ඉදිරියේ දී විදුලිය කප්පාදුවක් සිදුකිරීමට යාම මගින් හා පොහොර නොමැති වීම හේතුකොටගෙන මෙම තත්ත්වය තවත් බරපතළ වනු ඇතැයි පැවසේ.
දැනටමත් බොහෝ ප්‍රදේශවල පොහොර සොයාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. එමෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයක් ද ඇති වී තිබේ. බොහෝ ප්‍රදේශවල කීරි සම්බා හා සහල් මිලදී ගැනීමට නොමැති බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
ඩොලරයේ අගය ඉහළ යාමත්, ඉන්ධන හා විදුලිය පිරිවැය ඉහළ දැමීමත් යනාදී හේතු මගින් සිංහල අලුත් අවුරුදු සමය තුළ සියලු භාණ්ඩ හා සේවා මිල තවත් ඉහළ යනු ඇත. එමගින්, මෙම සමාජ පීඩනය තවත් උග්‍ර වනු ඇති බවත්, මැයි පමණ වන විට ජාතික ජන බලවේගයේ නායකයන් ඉලක්කකොටගත් ප්‍රචණ්ඩ කැරළිකාරීත්වයක් උද්ගතවීමට නියමිත බවත් එම බුද්ධි වාර්තාව අවධාරණය කර ඇත.
මෙම වාර්තාව ලැබීමෙන් පසු ජනාධිපතිවරයා ඒ පිළිබඳ අවධානය ජ.වි.පෙ. සෙසු නායකයන් වෙතද යොමු කර තිබේ. මේ තත්ත්වයට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න ඉදිරි දිනකදී රැස් වී සාකච්ඡා කිරීමට ඔවුන් දැනටමත් තීරණය කර ඇත.
සජීව පුෂ්පකුමාර
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
