ක්‍රිකට් නිලවරණය ජූලි 30 ට පෙර
1 min read
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ජූලි 30 ට පෙර පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ක්‍රීඩා බලධාරින් වෙත ලිඛිතව දන්වා තිබේ. ඒ අනුව දැනට පවත්නා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසුරුවා හැර එකී දිනයට පෙර නිලවරණය පැවැත්වීමට ක්‍රිකට් බලධාරින්ට සිදු වී තිබේ.
මෙම නිලවරණය පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ බැඳෙන පනත් කෙටුම්පත සංශෝධනය කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇත. නිලවරණයේදී ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජ ප්‍රමාණය අඩු කිරීමත් ඇතුළුව සංශෝධන කිහිපයක් එම පනතට ගෙන ඒමට නියමිතව තිබේ. එමෙන්ම, මෙම කාලය තුළ ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජවල ප්‍රධානින් පුද්ගලිකව හමුවී ඇතැම් වාසි සලසා දී ඔවුන් හිතවත් කර ගැනීමේ ක්‍රියාන්විතයක් ද වත්මන් ක්‍රිකට් බලධාරි එරාන් වික්‍රමරත්න විසින් දියත් කොට තිබේ.
මෙම තත්වය පිළිබඳව ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති, හිටපු ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුලු පිරිසක් එළඹෙන නිලවරණයට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තම කණ්ඩායම මගින් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පසුගිය කාලයේ දී එල්ල වූ විවේචන අතර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ නම ද ඉහලින්ම සඳහන්ව තිබිණි. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වත්මන් ජ.වි.පෙ. ආණ්ඩුව පිහිටුවීමටත්, ඉන් අනතුරුව ශම්මි සිල්වා සහ ජනාධිපතිවරයා අතර මිතුරු සබඳතා ඇති කරලීමටත් මූලික වූ දෙදෙනාගෙන් අනෙක් කෙනා වුයේ සනත් ජයසූරියයි. මෙම මිතුදම ඇති කිරීම වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක්ද වියදම් කර ඇත්තේ ශම්මි සිල්වා පාර්ශවයෙනි.
- බිනුර මුදලිගේ –
