May 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කයියේ පැස !

1 min read

ජනාධිපති අනුර දිසානායක තෙමේ තම ප්‍රධාන මැයි දිනය සැමරුවේ නුවරඑළියේදීය. ඒ තමන්ට වඩාත් වැඩි ජන සහභාගිත්වයක් පෙන්විය හැකි හොඳම තැන එය ලෙස වටහාගෙනය. එසේ සිතන්නට ජනපති අනුරට සිදුවූයේ රාජ්‍ය මහා භාණ්ඩාගාරයේ වන බදු ගෙවන ජනතාවගේ මුදලින්, පෞද්ගලික හාම්පුතුන්ගේ වතුවල වැඩ කරන ඉන්දීය සම්භාවයක් සහිත වතු දෙමළ පීඩිත ජනයාට දෙන ලද “පගාවෙන්” ඔවුන් අමන්දානන්දනයට පත්වී සිටින බව දන්නා නිසාය. ඒ දෙන ලද “පගාවේ” අතිශය බහුතර පංගුව මෙරට ජීවත්වන සිංහල ජනතාවගේ බදු මුදල් බව සහෝදර වතු දෙමළ ජනතාව දන්නේ නැත.

පුද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට මීට පෙර කවදාකවත් මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් යොදවා වැටුප් වැඩි කර නැත. එය සිදු කළේ ජනාධිපති අනුර පළමු වතාවටය, වතුකරයේ පෞද්ගලික ධන කුවේරයන්ගේ වතුවල වැඩ කරන එම දෙමළ ජනතාවටය. බොහෝ පීඩිත ඔවුන් එමගින් අමන්දානන්දනයට පත්වීම අස්වාභාවික නැත. ඔවුන් නොදන්නේ එම “පගාව” වක්‍රව ඔවුනට ලැබුණද එය දුන්නේ, ඔවුන්ගේ ස්වාමිපුතුන් වූ මහා ධන කුවේරයන්ගේ කාර්මික සාමය සඳහා වන බවය. ධම්මික පෙරේරා ද, ඉශාර නානායක්කාරලා ද, තවත් ධන කුවේරයන්ද ඒ අතර සිටින බව ඔවුන් දන්නේ නැත. මහජනයාගේ බදු මුදලින් වැඩි කරන ලද පඩි පතින්, වැඩි තේ දළු ප්‍රමාණයක් කඩා දෙන්නේ ඔවුන්ගේ ලාභ පංගුව වැඩි කර ගැනීම සඳහාය. වාම වෙස්ගත් ලිබරලුන් ධනපතීන් පෝෂණය කරන්නේ එලෙසය.

කෙසේ වෙතත්, වතුකරයේ ජනතාව පිනවීමට නුවරඑළියට ජනපති අනුර ගියේ හෙලිකොප්ටරයෙන්ය. එම ජනයා පිනවා එම ජනපතිඳුන් පෙරලා මහරගමට ආවේ ද හෙලිකොප්ටරයෙන්ය. ඒවාට වැය වූයේ අනුර කුමරුන්ගේ පෞද්ගලික ධනය යැයි දැන් අප පිළිගත යුතුව ඇත.

ජනප්‍රිය පුවත්  බිලියන් බිමල් !

ජනාධිපති අනුර නුවරඑළියේදී මහත් හඬ නගා කීවේ, මේ වසර හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ පුතුන් හිරේට යන වසර බවය. අමාත්‍ය බිමල් රත්නායක නැගෙනහිර පළාතේ පැවැති මැයි රැලියක දී පැවසුවේ ජුනි හා ජූලි අතර කාලයේ දී එලෙස උසාවියෙන් නඩු අසා හිරේ යන අයගේ නම් ලයිස්තුවද සමගමය. ඒ අතර, මුලින්ම කියවුනේ විමල් වීරවංශගේ නමය. ඉන් අනතුරුව නාමල් රාජපක්ෂගේ සිට මර්වින් සිල්වා දක්වා නම් ලයිස්තුවක් ඔහු ඉදිරිපත් කරනු ලැබුවේය.

2026 වසර මේ සියලු දෙනා හිරේ යන වසර බව දන්නේ ජනාධිපති අනුර ඇතුළු ආණ්ඩුවේ ඇමතිලාය. එයින් කියැවෙන්නේ ඔවුන් නඩුව අසා අවසන් බවය. දැන් ඔවුන් තීන්දුවද ලබා දී ඉවරය. ස්වාධීන අධිකරණය දැන් කුමක් නම් කළ යුතුද ? ජනාධිපති හා ඇමතිවරු සඳහන් කළ සියල්ලෝම නඩු අසා (බොරුවට) ඒ කියන කාල රාමුව තුළ හිරේ දැමීම හැර “ස්වාධීන අධිකරණයට” දැන් ඉතින් කරන්නට වෙන යමක් ඉතිරිව ඇත්තේ නැත.

හිරේ යන එවුන් ගැන අපට නම් කණගාටුවක් නැත. අපට කණගාටුව ඇත්තේ, මේ නඩු අහන විනිසුරුවන් ගැනය. ඒ වාගේම, අප සැවොම තවමත් ස්වාධීනයැයි සිතන, ධීනයැයි නොසිතන අධිකරණය ගැනය. අධිකරණය කෙරෙහි මෙරට මිනිසුන් තුළ වන විශ්වාසය ගැනය.

ස්වාධීන යනු අධින වීම විය නොහැකිය. අධීන යනු යටහත් පහත් නොවන්නාය. ස්වාධීන යනු තමන්ගේ කැමැත්ත කුමක් වුවත්, තමා හමුවේ ඇති කරුණු මත තීරණ ගන්නා තැනැත්තාය. ජනාධිපති අනුරට හා ඔහුගේ ගෝලබාලයන්ට අනුව, දැන් අධීන, ස්වාධීන කිසිවකුත් නැත. ආණ්ඩුවට කැමැති තීන්දුව දෙන උසාවිය නිමවා ඇතිබව ඔවුන් නොකියා කියන්නේ මේ ලෙසය.

ජනප්‍රිය පුවත්  තඹුත්තේගමයාගේ කොටි මෙහෙයුම

මේ වූ කලී අධිකරණයට කරනු ලබන අපහාසයක් නොවන්නේද ? අවමානයක් නොවන්නේද ? විනිසුරුවන්ට දැන් තමන්ගේ ගෞරවය ගැන සිතා ක්‍රියා කළ හැකි වන්නේ ද ? දැන් “උසාවිය නිශ්ශබ්දයි !” කියන විට හුන් අස්නෙන් නැගී සිටීමට මෙරට රටවැසියාට දැන් හේතුවක් ඉතිරිව තිබේද ?

අධිකරණය හමුවට යන්නේ වැරදිකරුවන්ම නොවේ. නිවැරදිකරුවන්ද බොහෝ විට අධිකරණය හමුවට ගෙන යනු ලබයි. මුදල් අමාත්‍යාංශයේ මැද පෙළේ නිලධාරියකු වූ රංග රාජපක්ෂ, ඩොලර් මිලියන 2.5 ක හොරකමට චෝදනා ලැබ වැඩ තහනම් කරන ලද කල්හි අද්භූත මරණයකට හිමිකම් පා ඇත්තේ, චූදිතයා වැරදිකරුවාම නොවන බව පසක් කරමින්ය.

අනුර කුමරුන්ට හා ඔහුගේ ගෝලයන්ට ඒවා අදාළ නැත. ඔවුන්ට එල්ල වූ බාල ගල් අඟුරු චෝදනා ගැන උසාවියේ නඩු විභාග වන්නේ නැත. කන්ටේනර් 323 ක් පරීක්ෂාවකින් තොරව රට තුළට වද්දා ගැනීම ගැන කිසිම නඩුවක් අධිකරණය හමුවේ ඇත්තේ නැත. ඩොලර් මිලියන් 2.5 හොරකම ගැනද, ඊට වගකිවයුතු ප්‍රධානීන් අලලා කිසිදු නඩු විභාගයක් මේ වන තුරුද නැත. මේ වර්ෂයේ තවත් බොහෝ දේවල් මේ විදියටම තවත් එකතු කරන්නට අපට හැකිය.

ප්‍රශ්නය වන්නේ “නීතිය පාලක පන්තියේ අවියයි” කියූ උදවියම අද අන් කවර දාටත් වඩා නීතිය පාලක JVP යේ අවිය බවට පත් කරගෙන තිබීමය. ඒ අනුව ඔවුන් කල් තබා දන්නේ දඩුවම් ලබන උන් ගැනය. නඩු විභාග කරන විනිසුරන් ඒවා විභාග කිරීමට කාලය කා දමන්නේ ඇයි දැයි නොතේරෙන්නේ ඇත්තටම අපටම ය.

ජනප්‍රිය පුවත්  නීතිපතිට එරෙහි අව නීතිය

හිරේ දාන උදවිය ගැන පුරාජේරු කතා කීම හැර, මේ ආණ්ඩුවට කීමට වෙනත් කිසිවක් තිබේද ? තිබේනම් ඇත්තේ “චුට්ටක්” ඉන්ධන මිල වැඩි කරනවා! වැනි කියමනක්ය. ඊට වෙනස්ව මෙරට ගොදුරුව පැවැති අර්බුදයෙන් රට ගොඩනැගීමට ඉවහල් වන විශේෂ උපායමාර්ගික හැරවීමක් පිළිබඳ කිසිදු අදහසක් කීමට මේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට හැකියාවක් තිබේද? නැත! කිසිසේත්ම නැත!

එබැවින් ඔවුන් කරනුයේ හිරේ දමනවුන් ගැන කියමින් තවමත් කාලයක් හා දැමීමය. ඔය කියන උන් හිරේ දැම්මාට රටේ ආර්ථික අර්බුදය සුව වන්නේ නැත. සමාජයීය ව්‍යසනය නතර වන්නේ නැත. එම අවදානමෙන් රට හා රාජ්‍යය මුදවා ගත හැකි නිවැරදි භාවිතයක් නැතිව “කටින් බතල හිටවීමෙන්” කිසිදු සාධනීය ප්‍රතිඵලයක් නිර්මාණය වන්නේ ද නැත. ජනාධිපති අනුර කරන්නේ කටින් බතල හිටවීමය. එය ඔහුගේ විනෝදාංශය බවට පත්ව ඇත. ඒ නිසා ඔහු කටට එන ඕනෑම බොරුවක් හිතා බැලීමකින් තොරව සමාජගත කරනු ලබන්නේය.

ජනාධිපති අනුර ලොකු බොරුවක් කීවේය. ඒ, තමන් බොරු කියන්නේ පාර්ලිමේන්තුව තුළදී පමණක් බවය ! නැත ! ඔහු ඉන් පිටතදීද් කියන්නට හැකි – නොහැකි ඕනෑම බොරුවක් කියන්නේය ! එවැනි බොරුකාරයකු ලද අප කොතරම් වාසනාවන්තයන් වන්නමුද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x