“ධම්මික” පැණිය !
1 min read
ගෝඨාගේ ආණ්ඩුවට එල්ල වූ චෝදනා අතර වූයේ, එක එක ඒවාය. ඒවා අතර වූ එක චෝදනාවක් වූයේ “ධම්මික පැණිය” ය. ගෝඨා මිත්‍යාව පසු පස දුවන බවට සාදන ලද ආඛ්‍යානය හැඩ ගැන්වූයේ අනුරාධපුරේ මෑණියන් හමුවීමය. ඊට අමතරව “ධම්මික පැණිය” පිළිගැනීමය.
මිත්‍යාව හරි අහිංසකය. හිතේ තියෙන හිඩැසක් එයින් පුරවන්නේය. භෞතිකවාදීව හිතන උදවියට ද කෙළවෙන වෙලාවේදී හිතේ ඇතිවන හිඩැස මකන්නට පිහිටට එන්නේ මිත්‍යාවය. මිත්‍යාව, මිත්‍යාව කියා කියනනේ විද්‍යාව වැළදගත්තවුන්ය. විද්‍යාව මිත්‍යාව කියා කියනවුන් වැටෙන්නේ මිත්‍යාවට ය. නොපෙනෙන බොහෝ දේ ගැන විද්‍යාවට විද්‍යාවක් නැත. ඒ නිසා විද්‍යාවට විද්‍යාවක් නැති හැමදේටම කියන්නේ මිත්‍යාව කියාය. ධම්මික පැණිය මිත්‍යාව බවට පත් කෙරුණේ විද්‍යාවෙන් හොයා බලා නොවේ. විද්‍යාව පිළිගන්නාවුන්ට මිත්‍යාව යනු විද්‍යාවට අහු නොවන දේය.
ඒ කෙසේ වෙතත්, ධම්මික පැණිය අහිංසක ලැබැදියාවක් බව ඕන කෙනෙකුට පැහැදිලිය. විද්‍යාව පිළිගන්නා, මිත්‍යාව බැහැර කරන ජනාධිපති අනුරගේ ද පැණිය ධම්මිකය. ඒ, කෑගල්ල පැත්තේ ඉන්න ධම්මික නම් වඩුබාසුන්නැහේගේ පැණිය නොව ප්‍රකෝටිපති ධානපති ධම්මික පෙරේරාගේ පැණීය ය.
මේ පැණිය අර පැණිය වගේ නොවේය. මේ පැණිය බිවුවොත් ඕනෑම ලොක්කෙකු පැණි ඇඹලයකු බවට පත් වන්නේය. දැන් පුනරුදයේ ජනාධිපති අනුර කුමාර මැතිඳුන්ට සිදු වී ඇත්තේ ඒ ටිකය. ඒ කියන්නේ පැණිය ධම්මික වන විට පැණි ඇඹලය, වී ඇත්තේ අනුර කුමරුන් බවය.
ධම්මික ජනපතිවරණයට තරග කරන්නට හිතාගෙන විශාල වියදමක් දැරුවේය. දේශපාලනය ගැන මෙලෝ වැටහීමක් තිබේ නම් ඒ වෙලාවේ ධම්මික “පොහොට්ටුවෙන්” ජනාධිපතිවරණයට ඉල්ලන්නට තබා හිතන්නටවත් ඉඩක් නැත. ඒ කෙසේ වෙතත්, එච්චර මහන්සි නොවී, දැන් ලංකාවේ ජනාධිපති ධම්මිකය. ඔහු එම තත්වයට ආවේ සල්ලි වියදම් කර ඡන්දය ඉල්ලා නොවේ. ඒ වෙනුවට, ඡන්දයෙන් පත් වූ ජනාධිපතිට “ධම්මික පැණිය” පොවලාය.
මේ ජනාධිපති අනුර කුමාර හිටියේ ආවෘත ලෝකයකය. ඔහු දැන සිටියේ ජෙපි බලකායේ හැකියාවන්ය. ඊට අමතරව ඔහු දැන සිටියේ විශ්ව විද්‍යාලයේ සමකාලීන සගයන්ය. මේ අය අතුරින් තණතුරු සඳහා කෙනෙකු තෝරාගන්නා විනා වෙන
තෝරාගැනීමක් මේ ජනාධිපති හමුවේ වූයේ නැත. ජනාධිපති වූ පසුව ජෙපි සමාජයෙන් තණතුරු සඳහා සුදුස්සන් ඔහුට හිමිවුවේ නැත. හිමිවුවේ ඒ අල්ප වශයෙන්ය.
අන්තිමට ජනපති අනුරට පිහිට වූයේ ධම්මික ය. ඔහු ඔහුගේ ගෝල බාලයන් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සිට රජයේ වැදගත් සියලු ආයතනවලට දමා ගත්තේ ය. කටට එන ඕනෑම බොරුවක් කියා බලය ගත්තද, බලය දරන්නට අවශ්‍ය සුදුසු මිනිසුන් රහිත දේශපාලන මුඩු බිමක හැදී වැඩුණු ජනපති අනුරට “ධම්මික පැණිය” බීම හැර තෝරාගන්නට වෙන විකල්පයක් ද වූයේ නැත.
ධම්මික පැණිය එලෙස පානය කරන ජනාධිපති අනුර, ප්‍රමිෂ්කාගේ පැණියේ රසද පසුව විඳින්නට පුරුදු වූවාය. ප්‍රමිෂ්කාගේ පැණිය බෝර්න් අගේන් ය. එය ගෝඨාගේ අනුරාධපුරයේ මෑණියන් මෙන් අහිංසක නැත. ඇය දැන් අනුර කුමරුගේ බොහෝ පත් කිරීම් පිළිබඳ තීරණ කෙරෙහි බලපාන්නේය. පහසට ලැබෙන බලය වයසට අනුව වැඩි වැඩියෙන් බලවත්ය !
ක්‍රිෂාන්ත කුරේ ජනාධිපතිවරයාගේ ඊළඟ පැණිය ය. ඔහු දැන් වෙසෙන්නේ කොළඹ තරු පහේ හෝටලයකය. බොහෝ විදෙස් ව්‍යාපාර හා ගණුදෙනු සිදු කෙරෙන්නේ ඔහුගේ හරහා ය. ඉන්දියාව සිය අතරමැදියා ලෙස යොදාගෙන ඇත්තෙත් ඔහුය. කලක් තිස්සේ රනිල් ගාව සිටි ක්‍රිෂාන්ත කුරේ කතෝලික බැතිමතෙක්ය.
රජයේ බොහෝ මිල අධික “ටෙන්ඩර්” මේ කීප දෙනා හරහා මිස වෙනත් ආකාරයකින් දැන් සිදුවන්නේ නැත. තාප්පයේ පාප්ප ගා පෝස්ටරය අලවා ආප්පයක් කා ගෙදර යන ජ.වි.පෙ. පාක්‍ෂිකයා මේ බව දන්නේ නැත. ඉඳහිට පාර්ලිමේන්තුවට හෝ රැලියකට පැමිණ වඩන සංග්‍රහයකින් උන්ව චූන් කරන හැටි ජනපති අනුර හොඳටම දන්නේය. උන්ට චූන් වෙන්නට ලොකු දේවල් උවමනා නැත. ඊළඟට හිරේ යන්නට ඉන්න හිටපු ඇමතිවරුන් ගැන කියන ත්‍රාසජනක කතා කෑල්ල වුව සතුටින් නින්දට යන්නට ඒ අහිංසකයන්ට ප්‍රමාණවත්ය. ඔවුන් එසේ නිදිකරවා ජනපති ප්‍රමුඛ ජ.වි.පෙ. කෙරුමන් රැය පහන් කරන්නේ ඉහළ පෙළේ ජාවාරම්කාර ධනපතීන් සමඟය. එසේත් නොවේනම් එම ධනපතීන්ගේ අතරමැද සුරතලියන් සමඟය.
“ධම්මික පැණිය” ගැන කතා කළ වුන් මේ “පැණිය” ගැන කතා කරන්නේ නැත. රටට කෙළවන නියම පැණිය වන්නේ මෙයය. ඒ බව නොදන්නාවුන් එළුවාගේ මොකක්ද එක වැටෙනකන් උඩ බලාගෙන සිටින්නේය. අපට කියන්නට ඇත්තේ උන්ට “සකල දේශවාසී නිර්ධනීන්ගේම” ආරක්‍ෂාව ලැබිය යුතු බවය.