July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එල්-නිනෝ තත්ත්වය හමුවේ ඉදිරි ක⁣ටයුතු ගැන ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම්දීමක්

1 min read

ඉදිරියේ ඇතිවේයැයි අනාවැකි පළවී ඇති එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ වුවද රටේ කිසිදු ප්‍රදේශයකට ජල සැපයුම සීමා කිරීමට මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බවත් ඉදිරි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි..

එහි සභාපති චන්දන බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ පානීය ජලය ලබා ගන්නා ප්‍රධාන ජලාශ භාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි සංවර්ධන අධිකාරිය විසින් මේ දක්වා ජලය ලබා ගැනීම සඳහා කිසිදු සීමාවක් පනවා නොමැති බැවින් මණ්ඩලය සිය උපරිම ජල නිෂ්පාදන ධාරිතාව එලෙසම පවත්වාගෙන යන බවයි

කෙසේ වුවද, ඉදිරියේදී ජල මට්ටම ඉතා පහළ මට්ටමකට ඇද වැටී වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ මහවැලි සංවර්ධන අධිකාරියට සීමාවන් පැනවීමට සිදු වුවහොත් පමණක්, එම මොහොතේ උදාවන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජල සැපයුම සීමා කිරීම වැනි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බවයි.

මෙම දේශගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා ජල සම්පාදන මණ්ඩලය මේ වන විටත් විශේෂ පූර්ව සූදානමක නිරත වන අතර, භූගත ජලය වැඩිපුර ලබා ගැනීම සඳහා පවතින නල ළිං පද්ධති වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ

ජනප්‍රිය පුවත්  අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර උග්‍ර අතට

. මෙම අසීරු මොහොත පසුකර යන තෙක් ජලය අපතේ යෑම වළක්වා ගනිමින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමාසහිතව පරිභෝජනය කරන ලෙසත්, උපරිම අරපිරිමැස්මෙන් යුතුව ජලය පරිභෝජනය කිරීමට වගබලා ගන්නා ලෙසත් චන්දන බණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට අනුව මේ වන විටත් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය මෙන්ම හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවෙමින් තිබේ .

චන්දන බණ්ඩාර මහතා පෙන්වා පෙන්වා දෙන්නේ එම පුරෝකථනයන්ට අනුව එළඹෙන සැප්තැම්බර් මාසයෙන් පසුව නැවත වර්ෂාපතනය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, 2027 වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර ලෙස දැනිය හැකි බවට පුරෝකථනය කර ඇති බවයි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x