එයාර් බස් සිද්ධියට නාමල්ට ඇප – විදෙස් ගමන් තහනම්රුපියල් ලක්ෂ 05ක මුදල් සහ මිලියන 100 ක ශරීර ඇප දෙකක්
1 min read
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළා.
එසේම, සැකකරුගේ විදසේ ගමන් තහනම් කළ මහේසත්‍රාත්වරයා එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි විමර්ශන නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග නිකුත් වුණා.
සිද්ධියට අදාල ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය පෙර නඩු දිනයේ දී අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.
එහි දී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීම සදහා අධිකරණයට පහත කරුණු තුන සම්බන්ධයෙන් ලිඛිතව දේශන ඉදිරිපත් කරන ලෙසට පෙර නඩු දිනයේ දී විමර්ශන නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දකවමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර පවසා සිටියේ එම නියෝගයේ කරුණු 3 සම්බන්ධයෙන් සලකා බැලු බවයි.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මෙහිදි මෙලෙස කරුණු ඉදිරිපත් කළා.
” ස්වාමිනි, මෙම අධිකරණයේ අදාල විමර්ශනයට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශනය ඒකාබද්ධ කර නඩු පැවරීමට හැකිද ? යන්න පලමු කරුණයි.
ඒ සම්බන්ධයෙන් තවම අවසන් තිරණයට එළඹ නැහැ.එකම තත්වය යටතේ විමර්ශනය සිදු කරනවා.
” දෙවන කරුණ වන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට මෙම නඩුව යොමු කළ හැකිද යන්නයි. “
ස්වාමීනි, මෙය විමර්ශන දෙකකට අදාලව කරන්නේ. එම නිසා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරිමට අවශ්‍ය වන්නේ නැහැ. එම විමර්ශන දෙකකටම අදාලව උදෘත නිතිපතිවරයා වෙත යොමු කරලා තියෙන්නේ. ඉතා ඉක්මනින් තිරණය කරනවා මේ ගැන.
” ස්වාමීනි, තුන්වැනි කරුණ වන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩුවේ හතරවන සැකකරු ලෙස අල්ලස් සිද්ධියට අදාලව අල්ලස් පනත අනුව අධ්‍යක්ෂවරයා විසින් 149 වගන්තිය යටතේ සහතියක් ඉදිරිපත් කර තිබේද යන්නයි.
‘ඔව් ස්වාමීනි” ඉදිරිපත් කර තිබෙනවාඉයනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
