April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරාන නාවිකයන්ගේ මරණවලට හේතුව මෙන්න!

1 min read

ගාල්ලට නුදුරු අන්තර්ජාතික මුහුදු ප්‍රදේශයේදී ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ නෞකාවේ සිටි ඉරාන නාවිකයින් අසූ හතර දෙනාගෙන් බොහෝ දෙනෙකුම මියගොස් ඇත්තේ විසි වී ගොස් ශරීර අවයව වලට වූ බරපතල තුවාල වලින් බවට ඔවුන්ගේ පශ්වාත් මරණ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

මෙම නෞකාවේ සිටියෙදී මියගිය ඉරාන නාවිකයන් 84 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී බ්‍රහස්පතින්දා සවස සිට සිකුරාදා අළුයම වන තෙක් සිදුකෙරිණි.

මෙම මරණ පරීක්ෂණ සදහා කරාපිටිය අධිකරණ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා ප්‍රමුඛ අධිකරණ විශේෂඥ වෛද්‍ය මඩුල්ලක් විසින් සිදුකළහ.

නෞකාවට ප්‍රහාරය එල්ලවීමත් සමග නෛකාව පුපුරා ගොස් තිබීමත්, නෞකාව තුළ සිටි පිරිස් විසි වී යෑමෙන් හා නෞකාවේ කොටස් සිරුරේ අවයවවල ගැටීමෙන් හිස,පපුව,උදරය ඇතුළු ප්‍රදේශවලට බරපතල තුවාල වීම් බොහෝ පිරිසක් මරණයට පත්ව තිබෙන බව මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.

එසේම මියගිය කිහිපදෙනකුගේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල නොවූ බවත්, ඔවුන් දියේ ගිලීමෙන් මියගොස් සිටි බව අනාවරණය වූ බවද හෙතෙම පවසා ඇත.

ජනප්‍රිය පුවත්  ඉරානයේ ගැටුමට තුන්වන රටවල් සම්බන්ධවීමේ අවධානම ගැන රුසියාව සහ සෞදිය කනස්සල්ලෙන්!

මේ අතර මියගිය ඉරාන නාවිකයින්ගේ මළරුරු තැන්පත් කිරීම සදහා ශීතාගාර සහිත කන්ටේනර් දෙකක් ලැබී තිබුණ ද ඉන් එක් කන්ටේනරයක් අක්‍රීය තත්වයේ තිබී ඇත.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x