ඉරාන – ඇමෙරිකා එකඟතා ගැන මෝදි තැබූ සටහන
1 min read
මාස ගණනාවක් තිස්සේ ලෝකයටම විශාල බලපෑමක් එල්ල කරමින් මැදපෙරදිග පැවැති යුද ගැටුම් අවසන් කිරීමට අමෙරිකාව සහ ඉරානය ඇති කරගත් එකඟතා සඳහා ඉන්දියාවද සිය සතුට පළ කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ, “ලොව පුරා බරපතළ ආර්ථික කඩා වැටීම්වලට මෙන්ම මිනිස් ජීවිත අහිමි වීමට හේතුවූ බටහිර ආසියානු ගැටුම නිමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් අවබෝධතාව මම සාදරයෙන් පිළිගන්නවා.” යනුවෙනි.
මෙම නව එකඟතාව මගින් කලාපයේ නාවික කටයුතුවල සහ වෙළෙඳාමේ නිදහස තහවුරු වන අතරම, සාමය සහ ස්ථාවරත්වය නැවත උදාවනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම, තිරසාර අවසන් එකඟතාවයකට එළඹීම සඳහා ඉතිරිව ඇති ගැටලු පිළිබඳව ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාද ඔහු අගය කළේය.
