June 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘ඉරානය සමඟ සාම ගිවිසුමක් ඇති කරගත්තා-හොර්මුස් සමුද්‍ර සන්ධිය ළඟදීම විවෘතයි’ | ට්‍රම්ප් කියයි

1 min read

ඉරානය සමඟ ඇති කරගත් සාම ගිවිසුමට අත්සන් තැබූ වහාම, දැනට වසාදමා ඇති හොර්මුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් විවෘත කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

මෙම ඓතිහාසික ගිවිසුමට එළඹෙන සති අන්තයේදී යුරෝපයේදී අත්සන් තැබීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ, “අපි ඉරානය සමඟ යුද්ධය අවසන් කිරීම සඳහා විශිෂ්ට සමථයකට පැමිණියා. ගිවිසුමට අත්සන් තැබූ වහාම හොර්මුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් විවෘත කෙරෙනවා. එය ඉතා ඉක්මනින්, සමහර විට මේ සති අන්තයේ යුරෝපයේදී සිදුවිය හැකියි” යනුවෙනි.

මෙම එකඟතාවයට පැමිණීමට පෙර තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, බහරේනය සහ කුවේටය ඇතුළු කලාපීය රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කළ බවත්, ඉදිරියේදී තුර්කි ජනාධිපති තායිප් අර්ඩෝගන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත බවත් ට්‍රම්ප් අනාවරණය කළේය.

මෙම නව ගිවිසුම මඟින් ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  උසස් පෙළ විභාගයේ 111 ක ගේ ප්‍රතිඵළ අත්හිටුවයි!

“වඩාත්ම වැදගත් දේ තමයි, ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉඩ නොලැබෙන පරිදි මෙම ගිවිසුම සකස් කර තිබීමයි. මේ සියලු කැපකිරීම් කළේ ඒ වෙනුවෙනුයි. ඒ නිසා මෙය ඉතා විශාල ජයග්‍රහණයක්,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මූලික සාම ගිවිසුමක අවසාන කරුණු සඳහා අනුමැතිය ලැබී ඇති බැවින්, ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ නව ප්‍රහාර තාවකාලිකව නතර කිරීමට ද ජනාධිපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

මේ අතර, ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන ‘ෆාර්ස්’ පුවත් සේවය වාර්තා කළේ ටෙහෙරාන් පාලනය ද මෙම ගිවිසුමට අනුමැතිය දීමට වැඩි ඉඩක් ඇති නමුත්, මෙතෙක් ඒ සඳහා නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

ඇමරිකානු හමුදාව පිට පිට තෙවැනි රාත්‍රියටත් ඉරානයට ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර පැය කිහිපයකට පසු මෙම ප්‍රහාර අවලංගු කිරීමේ තීරණය ගැනීම විශේෂත්වයකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x