July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දීය තරුණ විරෝධතා නැවතත් උණුසුම් වෙයි

1 min read

ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලමින් නව දිල්ලි නුවර පැවැත්වෙන තරුණ විරෝධතාවය අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර නැවතත් උණුසුම් ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

ඊයේ (22) පස්වරුවේ හට මෙම තත්ත්වයත් සමග විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කර තිබේ.

පසුගිය මැයි මාසයේදී සිසුන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවකට බලපෑ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට වගකිව යුතු අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම ඉල්ලමින් ආරම්භ වූ මෙම “කැරපොත්තන්ගේ ව්‍යාපාරයේ” (Cockroach movement) විරෝධතාකරුවන් 10,000කට වැඩි පිරිසක් මධ්‍යම නව දිල්ලියේ ජන්තර් මන්තර් (Jantar Mantar) විරෝධතා භූමියට රැස්ව සිටි බව සඳහන් වේ.

2014 දී බලයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය හමුවේ එල්ල වූ විශාලතම තරුණ අභියෝගය බවට මෙම විරෝධතාවය පත්ව තිබේ.

විපක්ෂ දේශපාලන පක්ෂ ද මෙම තරුණ ව්‍යාපාරයේ ඉල්ලීම්වලට සහාය පළ කරමින් මේ සතියේ ආරම්භ වූ පාර්ලිමේන්තුවේ සභාවාරයට ද බාධා පමුණුවමින් සිටී.

පසුගිය සඳුදා පනවා තිබූ තහනම් නියෝග ද නොතකා දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට පාගමනින් ගමන් කළ අතර, පොලීසිය සහ අර්ධ රාජ්‍ය ආරක්ෂක බලකායන් කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ව පලවා හැරීමට කටයුතු කළහ.

ජනප්‍රිය පුවත්  ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

මේ අනුව, පස්වරුව වන විට ජන්තර් මන්තර් භූමියට 10,000කට අධික පිරිසක් රැස්වී ඉන්දීය ජාතික කොඩිය ඔසවමින් සටන් පාඨ කියන්නට වූ අතර, පසුව පිරිස අවට මාර්ග වෙත ද පැතිර ගොස් තිබූ අයුරු විදෙස් මාධ්‍ය වර්තා කර තිබුණි

එහිදී ඇතැම් විරෝධතාකරුවන් පොලීසිය වෙත ගල් හා ප්ලාස්ටික් බෝතල්වලින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් නවදිල්ලිය මධ්‍යයේ පිහිටි මෙට්‍රෝ දුම්රිය ස්ථාන 16ක් නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට දිල්ලි මෙට්‍රෝ රේල් සංස්ථාව පියවර ගෙන තිබේ.

උපහාසාත්මක අන්තර්ජාල ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ “කොක්‍රෝච් ජනතා පක්ෂය” (Cockroach Janta Party – CJP) පසුව ප්‍රබල තරුණ සංවිධානයක් බවට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

CJP නිර්මාතෘ අභිජීත් දිප්කේ ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වන තෙක් සිය අරගලය නතර නොකරන බවයි.

මේ අතර, ඉන්දියානු ජාතික කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයින් ද විරෝධතාකරුවන්ට සහාය දක්වමින් මෝදිගේ නිවස සහ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවල නිරත විය.

ජනප්‍රිය පුවත්  උද්ඝෝෂණ නඩුවට ඇමැති එරංග සහ මන්ත්‍රී ජගත් මනුවර්ණ උසාවි නොපැමිණීමේ රහස කුමක්ද? කොටුව අධිකරණයෙන් වරෙන්තු!

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කිසිදු නම්‍යශීලීතාවයක් නොමැති බවත්, ඉදිරි පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග ගැන විපක්ෂ නායකයින් සාකච්ඡා කරන බවත් රාහුල් ගාන්ධි සඳහන් කළේය.

විරෝධතාකරුවන්ගේ දැඩි බලපෑම හමුවේ මෝදිගේ රජය CJP නායකයින් සමඟ එක් වටයක සාකච්ඡාවක් පවත්වා ඇති අතර, විභාග පද්ධතියේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමටත්, පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව විවාද කිරීමටත් පොරොන්දු වී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x