April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දියාව දෙන්නෙ රුසියන් තෙල්!

1 min read

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝඩි අතර සිදු කෙරුණු දුරකථන සාකච්ඡාවකින් පසුව ඉන්ධන මෙට්‍රික් ට්‍රොන් 38000 ක් මෙරටට එවීමට ඉන්දියාව කටයුතු කර තිබේ. ඒ අනුව ඉන්ධන රැගත් එම නැව මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඉන්දියාව ඉතා අඩු මිලට රුසියාවෙන් මිලදී ගත් ඉන්ධන ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ සැලකිය යුතු ලාභයක් සහිතව ය. ක්ෂේත්‍රයේ විශේෂඥයන් පවසන්නේ මෙම අවස්ථාවේ ඉන්දියාව ඉදිරිපත් වන්නේ අඩු මිලට ලබා ගත් ඉන්ධන වැඩි මිලට ශ්‍රී ලංකාවට ලබාදීමෙන් හිමි වන වාසිය සඳහාම පමණක් නොව, එමඟින් රුසියාවෙන් සෘජුව තෙල් ලබා ගැනීමේ උවමනාව ශ්‍රී ලංකාවට නැති කිරීම සඳහා බවය.

ශ්‍රී ලංකාව සෘජුව රුසියාවෙන් ඉන්ධන මිලදී ගතහොත් ශ්‍රී ලංකාවේ බලශක්ති පැවැත්ම සම්බන්ධයෙන් බලපෑම් සහගත භූමිකාවක් ඉටු කිරීමට ඇති අවස්ථාව ඉන්දියාවට අහිමි වන බැවින් ‘‘රුසියාව අත්‍යවශ්‍ය නෑ! අපි ඉන්නවා!“ යන පණිවුඩය ශ්‍රී ලංකාවට ලබාදීම මෙහි සැබෑ අරමුණ බව එම විශේෂඥයෝ අවධාරණය කරති.

තාරක අඹන්පිටිය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x