ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම විරෝධතාව අද!
1 min read
ඇ ට්‍රම්ප් පාලනයට එරෙහිව “No Kings” ජනතා රැල්ල ඇමෙරිකාව සිසාරා යයි!
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව සංවිධානය කෙරෙන “No Kings” හෙවත් “රජවරුන් අවශ්‍ය නැත” යන තේමාවෙන් යුත් තුන්වන ජාතික විරෝධතා දිනය අද (මාර්තු 28) ඇමෙරිකා එක්සත් ජනපදය පුරා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා. වසරකටත් අඩු කාලයක් තුළ සංවිධානය වන මෙම දැවැන්ත විරෝධතාවය, ඇමෙරිකානු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම සහ වැඩිම පිරිසක් සහභාගී වන විරෝධතාවය වනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
ට්‍රම්ප්ගේ පාලන තන්ත්‍රය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව පවසමින් වොෂින්ටන් අගනුවර ඇතුළු ප්‍රාන්ත රැසක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ වන විටත් වීදි බැස සිය විරෝධය පළ කරමින් සිටිනවා. මෙම “No Kings” ව්‍යාපාරය හරහා විධායක බලය අත්තනෝමතික ලෙස භාවිතා කිරීමට එරෙහිව ප්‍රබල මහජන මතයක් ගොඩනැගෙමින් පවතින අතර, මෙය ඉදිරි ඇමෙරිකානු දේශපාලන ගමන් මග තීරණය කරන තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව නිසැකයි.
ඇමෙරිකානු ඉතිහාසයේ සනිටුහන් වන මෙම දැවැන්ත ජනතා නැගිටීම කෙරෙහි මුළු මහත් ලෝකයේම අවධානය මේ වන විට යොමුව තිබේ.
