April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇගලුම් කර්මාන්තය විශාල අවධානමක!

1 min read

මෑතකාලීන ගෝලීය තත්ත්වයන් හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියේ වෙළෙඳපොළවල් මත යැපීම විශාල අවදානමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු සඳහන් කරන්නේය. ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව දැනට සිටින ස්ථානය සහ ඉලක්ක කරන ස්ථානය අතර තවමත් සැලකියයුතු පරතරයක් පවතින බවත්, එම පරතරය පියවීම සඳහා සුලු සහ තාවකාලික විසඳුම්වලට වඩා සැලසුම් සහගත ප්‍රතිපත්තිමය වෙනස්කම් අවශ්‍ය වන බවත් ඔහු පවසන්නේය.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කයක් වෙත ළඟා වීමට නම්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නව මුහුණුවරක් ගත යුතු බවය.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගුණාත්මකභාවය සහ අනුකූලත්වය යන අංශවල ප්‍රමුඛ වෙළෙඳ නාමයන්ට වටිනා සේවාවක් සැපයිය හැකි බව පෙන්වා දී ඇති බවත්, මෙම කර්මාන්තයේ අනාගතය මෙම කීර්තිනාමය මත පමණක් පිහිටා ගොඩනැගිය නොහැකි බවත් එම නිවේදනයේ දැක්වේ.‍

“ඩොලර් බිලියන 08ක ඉලක්කය වෙත යාම ඉතා වැදගත් වන්නේ එය ඇඟලුම් කර්මාන්තයට පොදු දිශානතියක් ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් මෙම අරමුණ හුදෙක් පුවත් පත් ශීර්ෂයකට පමණක් සීමා නොවී වඩාත් ප්‍රායෝගික ලෙස ජාතික න්‍යාය පත්‍රයක කොටසක් බවට පත් විය යුතුව ඇත. ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ ප්‍රකාශිත අපනයන දත්ත අනුව, 2025 වසර සඳහා රෙදිපිලි සහ ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 කට මඳක් ඉක්මවා තිබේ. ගෝලීය වශයෙන් අභියෝගාත්මක පරිසරයක් තුළ මෙය සාර්ථක ප්‍රතිඵලයක් වුවද, අප දැනට සිටින ස්ථානය සහ අප ඉලක්ක කරන ස්ථානය අතර තවමත් සැලකිය යුතු පරතරයක් පවතින බව ද පෙන්වා දිය හැක.’’ යැයිද නිවේදනයේ සඳහන්ය.

ජනප්‍රිය පුවත්  බරපතල සංස්කෘතික ඛාදනය හමුවේ මහා සංඝරත්නය නිහඩ නොවිය යුතුයි!

ඇඟලුම් කර්මාන්තය සාම්ප්‍රදායිකව ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය මත විශාල ලෙස රඳා පවතින බවත්, මෙම වෙළෙඳපොළ තුන එක්ව ගත් විට ලංකාවේ ඇඟලුම් අපනයන ආදායමෙන් සියයට 85 ක් පමණ කොටසක් නියෝජනය කරන බවත්, එම වෙළෙඳපොළවල්වල පාරිභෝගික ඉල්ලුම දුර්වල වූ විට, තීරුබදු ප්‍රතිපත්ති වෙනස් වූ විට, නීතිමය සහ අනුකූලතා නියාමනයන් දැඩි වූ විට හෝ වෙ​ෙළඳ නාමයන් තම සැපයුම් රටාවන් වෙනස් කළ විට, එම බලපෑම් අපගේ මුළු කර්මාන්තයම පුරා පැතිර යන බවත් එම නිවේදනයේ දැක්වේ.

ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කය සපුරා ගැනීමට නම් පවතින වෙළෙඳපොළ තත්ත්වය මත යැපීම ප්‍රමාණවත් නොවන බව අප වටහා ගත යුතු බවත්, මෙතෙක් ලංකාව විසින් ප්‍රවේශ නොවූ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා ශක්තිමත් අපනයන පදනමක් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගොඩනැංවිය යුතුව ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

ආසියානු කලාපය, මැදපෙරදිග, අප්‍රිකාව, ආසියාවේ නැගෙනහිර වෙළෙඳපොළ සහ BRICS කලාපීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වෙමින් ඇඟලුම් අපනයන ආදායම පුළුල් කිරීම සඳහා තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව දැනී තිබෙන බවද නිවේදනයේ දැක්වේ.

ජනප්‍රිය පුවත්  මාරාන්තික උපවාසයට දින 4යි! උපවාසයේ සිටි අයෙකු අදත් රෝහල්ගත කරයි

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x