June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ආර්ථිකය කඩා වැටෙනවා” – මහ බැංකු අධිපති කියයි.

1 min read

ඊයේ (10) පෙරවරුවේ, පාර්ලිමේන්තුවේ පැවැති කාරක සභාවකට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු මහබැංකුවේ නිලධාරින් පිරිසක් ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් ද කැඳවා තිබේ. එහිදී, රටේ ආර්ථික තත්වය පිළිබඳව මහබැංකුව විසින් සකස් කරන ලද දත්ත වාර්තාවක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුනට ඉදිරිපත් කර ඇත.

එම වාර්තාව නැරඹීමෙන් පසුව ඇති වූ සාකච්ඡාවේදී විපක්ෂයේ මන්ත්‍රිවරු විසින්, මහ බැංකු අධිපතිවරයාගෙන් විමසා ඇත්තේ “රටේ ආර්ථිකය වැටෙනවාද?” යන පැණයයි. එහිදී එක් මන්ත්‍රීවරයකු පවසා ඇත්තේ “රටට කියන්න බෑ කියලා අපි දන්නවා. ඒත් රජයේ මුදල් පිළිබඳ අවසාන වගකීම ඇති පාර්ලිමේන්තුවට ඔබතුමා ඇත්ත කියන්න” යනුවෙනි.

එහිදී මදක් කල්පනා කර මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා ඇත්තේ ” ඔව් ! ආර්ථිකය කඩා වැටෙනවා. මට ඒක කියන්න පුළුවන්. හැබැයි ඒකට හේතුවුනේ මොනවද කියල මට කියන්න බෑ. ඒක ආණ්ඩුවෙන් අහන්න !” යනුවෙනි.

මේ වනවිට රජයේ වියදම් වෙනුවෙන් මහබැංකුව හරහා නිකුත් කෙරෙන 10% ට වැඩි පොලී අනුපාතිකයක් සහිත බැඳුම්කර පවා ලබා නොගන්නා තත්වයකට මෙරට මුදල් වෙළඳපොළ පත්ව තිබේ. ප්‍රවණතාව වර්ධනය වුවහොත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ද අර්බුදයකට ලක්විය හැකි බව මහබැංකු ප්‍රධානින්ගේ මතය වී තිබේ.

ජනප්‍රිය පුවත්  කැනේඩියානු දෙමළ කොංග්‍රසයෙන් මාලිමා රජයට ඉල්ලීම් රැසක්

විදේශ විනිමය අර්බුදයකටද දැනටම රට මුහුණ පා ඇති බැවින් සැප්තැම්බර් පමණ වන විට උග්‍ර බිඳවැටීමකට මෙරට ආර්ථිකය ගොදුරුවනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

  • තාරක අබේසිංහ –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x