ආණ්ඩුවට සෞඛ්‍ය සේවයෙන් අන්ත පරාජයක් !
1 min read
පසුගිය 13 දින මහනුවරදී පැවැති සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම් හා ණය දෙන සමිතියේ (Boat House) නිලවරණයේ දී සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ අති විශාල බහුතර සහයෝගය ලබාගනිමින් පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම සුවශේෂී ජයග්‍රහණයක් හිමිකරගෙන තිබේ.
මෙම නිලවරණය සඳහා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස හා නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණිගේ අනුග්‍රහය ලත් ජ.වි.පෙ. ට හිතවාදී කණ්ඩායමක් ඉදිරිපත් කරමින්, එම සකසුරුවම් හා ණය දෙන සමිතියේ බලය තමන් අත රඳවා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන තිබුණ ද එය සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් පරාජයට පත් කර තිබේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මුදලින් සමන්විතව ඇති මෙම සමිතිය සතුව සැලකියයුතු වත්කම් සහ තැන්පතු ප්‍රමාණයක් පවතින බැවින්, එය අත්පත් කරගැනීම සඳහා රාජ්‍ය බලය සහ ජ.වි.පෙ. වෘත්තීය සමිති බලය යොදාගනිමින් දැඩි ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර තිබුණ ද එය සම්පූර්ණයෙන්ම පාහේ අසාර්ථක වී තිබේ.
මෙම නිලවරණය මීට පෙර පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථා තුනකදි ආණ්ඩු බලය උපයෝගී කරගෙන අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් කල් දමා තිබේ. මෙකී සියළු බාධා මධ්‍යයේ පැවැති මෙම නිලවරණයේ දී පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සභාපති තණතුර සඳහා ඉදිරිපත් කරන ලද නියෝජිතයාට 81.8% (ඡන්ද 4,650 ක) ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇත. එමෙන්ම භාණ්ඩාගාරික තණතුර සඳහා එම සංගමයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට ඡන්ද 4, 412 ක් (81.0%) හිමිව තිබේ.
ආණ්ඩු බලය යොදවා බරපතළ මෙහෙයුමක් සිදු කර තිබියදීත්, එම පක්ෂපාතී කණ්ඩායමට හිමිව ඇත්තේ 18% කට මදක් වැඩි ඡන්ද අනුපාතයක් පමණි. පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායමේ සභාපතිවරයා ඡන්ද 4,650 ක් ලබා ගන්නා විට ජ.වි.පෙ. හිතවාදී කණ්ඩායමේ සභාපතිවරයා ලබාගෙන ඇත්තේ ඡන්ද 1,035 ක් පමණි. මෙම ඡන්ද ප්‍රතිඵලය අනුව මෙකී සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ තණතුරු 22 ම පොදු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම විසින් හිමිකරගෙන ඇත.
ආණ්ඩුව පිළිබඳ මහජනතාව තුළ ඇතිව තිබෙන ආකල්පය, මෙම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මතය අනුව පැහැදිලිවන බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.
- කමල් ප්‍රියනාත් කල්දේරා –
