April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අවුරුද්ද ඉවරායි! ගල් අඟුරු කැපවීම මෙන්න!

1 min read

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති අද (30) නිකුත් කර ඇති ලිඛිත නියෝගයට අනුව (ඉන්ධන සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිතා කිරීම – මාර්ගෝපදේශ අංග 02) රජයේ ආයතන හා පෞද්ගලික ක්‍රියාකාරකම් තදබල ලෙස සීමාවට ලක් කර තිබේ.

එහි දැක්වෙන්නේ, ප.ව. 3.00 සිට සියලුම රාජ්‍ය ආයතනවල හා ව්‍යවස්ථාපිත ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කළ යුතු බව ය. පෞද්ගලික අංශයෙන් ද එසේ කරන ලෙස මෙමගින් ඉල්ලා තිබේ. එමෙන්ම, වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා විවිධ ස්ථානවල සවිකර ඇති විදුලි ආලෝක පුවරු ද ප..ව. 8.00 පසුව නිමා දැමිය යුතු බව ද එමගින් නියෝග කර තිබේ.

මීට අමතරව පළාත් පාලන ආයතන වලින් පාලනය වන විදුලි ලාම්පු පස්වරු 6.00 සිට පස්වරු 10.00 දක්වා කාලය තුළ නිවා දැමිය යුතුව ඇත. ඒ අනුව, එම කාලය තුළ සියලු මාවත් ගණ කළුවරේ පවතිනු ඇති අතර සොරුන්ට එමඟින් වාසිදායක වටපිටාවක් උදාකර දෙනු ඇත.

පුද්ගලයන් 100ට වැඩි සහභාගීත්වයෙන් පවත්වන උත්සව, සංගීත සංදර්ශන යනාදිය සඳහා ජාතික විදුලිය බල පද්ධතියෙන් විදුලිය ලබා ගැනීම මෙමගින් තහනම් කර තිබේ. ඒ අනුව අලුත් අවුරුදු සමයේ පැවැත්වෙන කිසිදු උත්සවයක් පැවැත්වීම අභියෝගාත්මක කාර්යයක් වේ.

ජනප්‍රිය පුවත්  ළදරු කිරි පිටිවල විෂ ද්‍රව්‍යයක්!ප්‍රමුඛ පෙළේ වෙළඳ සන්නාමයක් වෙළඳපොළෙන් ඉවතට!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x