අපේ කිසිම ඇමති කෙනෙකුට, මන්ත්‍රී කෙනෙකුට අහවල් ඉඩම ඇල්ලුවා කියලා චෝදනා නෑ – ඇමති සමන්ත
1 min read
ජාතික ජන බලවේගය දැනට වසර දෙකකට ආසන්න කාලයක් රට පාලනය කර ඇතත් කිසිදු මැති ඇමතිවරයකුට ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමක් ගැන කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
“පොහොර සහනාධාරය අපි එනකොට තිබුණේ රුපියල් 15000 යි හෙක්ටයාර් එකකට. අපි ඒක දැන් වෙනකොට ගෙනල්ලා තියෙනවා 30000 ට. මම කියනවා, දැන් අපි අවුරුදු දෙකකට ආසන්නව මේ රටේ ඇමතිකම් කරනවා, ජනාධිපතිකම් කරනවා, මන්ත්රීකම් කරනවා. අපේ කිසිදු ඇමති කෙනෙකුට, මන්ත්‍රී කෙනෙකුට තියෙනවාද අහවල් ඉඩම ඇල්ලුවා කියලා චෝදනාවක් ? කොතනවත් කියන්න තැනක් නෑ. මෙහෙම යනකොට ඔබ සතුටු වුණාට අර විරුද්ධවාදීන්ට රිදෙනවා”
සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවති ඉඩම් බලපත්‍ර බෙදාදීමේ උත්සවයක් අමතමිනි.
